(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමාට මැදිහත් විය නොහැකි බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
විනිසුරුවරියක සැකකරුවකුට ආහාර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කරුණු විමසූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.
විනිසුරුවරුන්ගේ විනය පිළිබඳ පාලනය තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට. අගවිනිසුරුතුමා තමයි කොමිසමේ නායකයා.මන්ත්‍රිතුමාලගේ ඒ ප්‍රශ්න ටික මම ඒ කොමිෂන් සභාවට යවලා පසුව උත්තර ලබා දෙන්නම්.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.