IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නෙට්බෝල් ශුරතාවට කොරියා යන කණ්ඩායම ඇමති හමු වෙයි

(අංජුල මහික වීරරත්න) 

‘ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය - 2025’ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (20) හමු විය.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම හමුව පැවැත්විණි. 

ජුනි 27 වැනිදා සිට ජූලි 4 වැනිදා තෙක් රටවල් 11ක සහභාගීත්වයෙන් දකුණු කොරියාවේදී 2025 ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය පැවැත්වේ.

 අමාත්‍යවරයා,  ඔවුන්ට ජයග්‍රහණය සඳහා දිරිගැන්වීම් සමග සුබ පැතුම් එක් කළ අතර, ඔවුන් සමඟ සුහද පිළිසදරක ද යෙදුණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒකනායක, දැල්පන්දු පුහුණුකාරිනි හයිසින්ත් විජේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (3)

නෙට්බෝල් ශුරතාවට කොරියා යන කණ්ඩායම ඇමති හමු වෙයි

බකල ජයා Saturday, 21 June 2025 12:22 AM

පළවෙනි වතාවට හිතුනේ චීනෙ ටීම් එක කියලා. රතුපාට සංඥාව මොන පැත්තටද යන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත්වීමට අකැමැති අය ඩිස්ලයික් දමත්වා...!

:       0       0

ගුණරත්න Saturday, 21 June 2025 10:14 AM

චීන කණ්ඩායමේ අඩි 7.5ක් උස ගැහැණු ළමයෙක් ඉන්නවා... තාම වයස 17 යි...

:       0       0

Lalla Saturday, 21 June 2025 10:26 AM

ජය පතමු. ඒ වගේම තරගාවලිය අවසාන වූ පසුව ආපසු ලංකාවට එන්න අමතක කරන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 546 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site