IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිට්ටඹුව බස් වර්ජනයේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)

නිට්ටඹුව බස් රථ නැවතුම් පොළේ වේලා සටහන්කරුට පහර දීමේ සිද්ධියක් හේතු කොටගෙන නිට්ටඹුව ඩිපෝවෙන් ධාවනය වන ලංගම බස් රථ අද (31) පෙරවරු දහයේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ​ 

නිටිටඹුව නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොළෙහි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ගාල් කරනු ලබන ස්ථානයේ පුද්ගලික බස්රථ දෙකක් ඊයේ (30) රාත්‍රියේ ගාල් කර තිබී ඇත.

එය දුටු  ලංගම බස් රථ වේලා සටහන් කරු එම පුද්ගලික බස් රථ දෙක ඉවත් කරගන්නා ලෙස ප්‍රකාශ කළ අවස්ථාවේදී  පුද්ගලික බස්  රියදුරන් හා කොන්දොස්තර වරු  පිරිසක්වේලා සටහන් කරුට පහර දි  ඇතැයි ලංගම සේවකයෝ පවසති.

ප්‍රහාරයට ලක් වූ  වේලා සටහන් කරු වතුපිටිවල රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.

මෙම පාර දීමට සම්බන්ධ පුද්ගලයන් වහා  අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද (31) පෙරවරු 10.00 සිට නිටිටඹුව ඩිපෝවේ බස් රථ ධාවනයෙන් ඉවත්ව බස් රියදුරුවරු හා කොන්දොස්තර වර්ජනයක් ආරම්භ කළහ.

නිට්ටඹුව පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු ඊයේ පෙරවරු වේම අත්අඩංගුවට ගත් බවයි සෙසු සැකකරුවන් අත්අඩංගුවට  ගැනීමට පියවර ගෙන ඇතැයිද පොලිසිය සදහන් කලේ ය



අදහස් (0)

නිට්ටඹුව බස් වර්ජනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site