
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට එකතු වූ රුපියල් ලක්ෂ 51 දෛනික ආදායම නගර සභා ගිණුමට බැර නොකර පවුලේ විවාහ මංගල කටයුත්තක් සඳහා එම මුදල් යොදාගත් බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ .
මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගේ මූලිකත්වයෙන් එහි මූලික විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව එම සේවිකාවගේ වැඩ තහනම් කිරීම සඳහා වූ නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව එය පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව එම වැඩ තහනම් කිරීම නිර්දේශ කොට තිබේ .
පසුගිය කාලය තුළ මහනුවර මහ නගර සභාව තුළ සිදුවී ඇති වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් නගර සභාවේ ගිණුම් අංශය වෙත සිදුකරන සියලු ගෙවීම් කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ජනතාවට ලබාදී ඇති බව නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පැවසීය .
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නගර සභාවේ ලක්ෂ 51ක් පවුලේ මගුලකට අරන්