IMG-LOGO

නගර නිවාස වල පහසුකම් වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ නගරයේ නාගරික මහල් නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට තීරණය කිරීමට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.

 ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එහි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සභාපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ නිවාස ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද කාලිංග මාවත - කොලොම්තොට සරසවි උයන, බොරැල්ල සිරිසර උයන හා මෙත්සර උයන, දෙමටගොඩ මිහිදු සෙන්පුර හා සියපත් සෙවණ, මාලිගාවත්ත ලක්හිරු සෙවණ, සියසෙත සෙවණ හා ලක්සෙත සෙවණ, බ්ලූමැන්ඩල් සිරිමුතු උයන හා සිරිසද උයන, හේනමුල්ල රන්මිතු සෙවණ, හෙළමුතු සෙවණ, සත්හිරු සෙවණ, රන්දිය උයන, මෙත්සද සෙවණ හා මිහිජය සෙවණ, ෆර්ගියුෂන් පාර මුවදොර උයන, ඔරුගොඩවත්ත පුරදොර සෙවණ, කොලොන්නාව සංහිද සෙවණ හා ලක්සද සෙවණ යන නිවාස ව්‍යාපෘති සභාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. 



අදහස් (0)

නගර නිවාස වල පහසුකම් වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site