IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නගරාධිපති අස්වූණාම හිටපු නගරාධිපති යළි පුටුවට

(වන්නි රොමේෂ් මධුශංක)

යාපනය මහනගරාධිපති වශයෙන් හිටපු මහනගරාධිපති එමානුවේල් ආර්නෝල්ඩ් මහතා ඊයේ (21) දින වැඩ බාර ගැනීමත් සමග ඉල්ලා අස්වූ මහනගරාධිපති වී. මණිවන්නන් මහතා ඊට දැඩි විරෝධය පල කරමින් අධිකරණ ක්‍රියාමාර්ගයක පිවිසෙන බව පැවසීය.

යාපනය මහනගරසභාවේ 2023 වසර සඳහා වූ අයවැය දෙසැම්බර් 22 වනදා ඉදිරිපත් කිරීමේදී එය පරාජය වීමෙන් පසු මහනගරාධිපතිව සිටි වී. මණිවන්නන් මහතා දෙසැම්බර් 30 වන දින ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව ජනවාරි 19 වනදින උතුරු පලාත් මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් දෙමළ ජාතික සන්ධානයේ එමානුවේල් ආර්නොල්ඩ් මහතා නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.

එමානුවේල් ආර්නෝල්ඩ් මහතා 2018 වසරේදී යාපනය මහනගර සභාවේ මහනගරාධිපති වශයෙන් වැඩභාරගත් අතර පසුව 2020 වසරේ දෙසැම්බර් මස 2021 වසර සඳහ වූ අයවැය ඉදරිපත් කිරීමේදී එය පරාජයට පත්වී මහනගරාධිපති තරණතුරින් ඉවත්වීමෙන් පසුව නව මහනගරාධිපති ලෙසින් දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් තරඟ කල විශ්වලිංගම් මණිවන්නන් මහතා තේරීපත් විය.

කෙසේ වෙතත් ඊයේ දින යාපනය දිස්ත්‍රීක්ලේකම් කාර්යාලයේදී පලාත් පාලන මැතිවරනය සඳහා නාමයෝජනා භාරදීමට පැමිණි හිටපු මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ, එමානුවේල් ආර්නෝල්ඩ් මහතා මහනගරාධිපති වශයෙන් පත්වීම කිසිසේත අනුමත කල නොහැකි බවටත් එය පලාත් පාලන නීති උල්ලංඝනය කිරීමක් බැවින් තමන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවය.

 



අදහස් (0)

නගරාධිපති අස්වූණාම හිටපු නගරාධිපති යළි පුටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site