IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නුගේගොඩ පොලිසිවල මේ මාසේ පඩි කොළේ කරනමක් ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී ඇතැම්  පිරිස්වලට වැටුප අඩු වීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොලැබීමත් හේතුවෙන් ඔහුන් දැඩි අපහසුතාවයකට  පත්ව  ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ බව අනාවරණය වී ඇත්තේ ඊයේ (25) දින  එම නිලධාරීන් සඳහා වූ වැටුප් බැංකු ගත කිරීමෙන් අනතුරුව  සිදුකරන ලද පරීක්ෂාවකින් අනතුරුවය

වැටුප් ලද පිරිසෙන් බොහෝ පිරිසකට ලැබී ඇත්තේ 2021 ජනවාරි  මස දී ඔවුන් ලබාගත් වැටුප බවත් පෙබරවාරි මස සිට මේ දක්වා   නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ  රාජකාරි සඳහා පැමිණි පොලිස්  නිලධාරීන්ට කිසිදු වැටුපක් බැංකු ගත වී නැති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නුගේගොඩ පොලිස් අධිකාරී බල ප්‍රදේශයට අයත් මිරිහාන, මහරගම , කඩුවෙල , හෝමාගම, හංවැල්ල, මීගොඩ, වැල්ලම්පිටිය, අතුරුගිරිය, මාලඹේ , බොරලැස්ගමුව, නවගමුව, තලන්ගම, මුල්ලේරියාව, මාලබේ, කොට්ටාව,  වැලිකඩ,හා පාදුක්ක යන පොලිස් ස්ථාන 17 ක නිලධාරීන් දහස්  ගණනක් මෙන්ම විශේෂ අංශවල සේවය කරන  නිලධාරීහු  ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වූහ.

මේ අතර වැඩතහනමට ලක්වූ ඇතැම් පොලිස් නිලධාරීන්ට ද වැටුප් බැංකු ගතවී ඇතැයි ද වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතාගෙන් විමසීමකදී කියා සිටියේ මේ පිලිබදව  සොයා බලා පිලිතුරක් ලබා දෙන බවය. එහෙත් අවස්ථා කීපයකදීම දුරකථනයට සම්බන්ධ වීමට උත්සාහ කළත් නොහැකි විය



අදහස් (3)

නුගේගොඩ පොලිසිවල මේ මාසේ පඩි කොළේ කරනමක් ගහලා

sharm warn Friday, 26 August 2022 01:42 PM

මෙයාලට පඩි ගෙවන්න ඇතිනේ රනිල්... පහුගිය කාලයේ මහජන සේවයක් කළේ නැහැනේ. ඒ නිසා අපේ බදුමුදලින් පඩි දෙන්න ඕනෑ වෙන්නේ නැහැ කියලා හිතෙන්න ඇති පඩි හදන කට්ටියට...

:       3       10

Kumara Friday, 26 August 2022 01:54 PM

එතකොට පහුගිය දවස්වල තමන්ගේම පන්තියේ අයට වෙඩිතියලා ගහලා දිවි හිමියෙන් දේශපාලක පන්තිය ආරක්ෂා කරන්න මේ මහත්වරු වැඩ කළේ පඩිත් නැතුවද?

:       4       14

අජිත් Friday, 26 August 2022 02:15 PM

හොඳම වැඩේ... ඔය කට්ටියට පඩි දෙන්නේම නැතුව හිටියා නම් හරි. නිකන් භාණ්ඩාගාරයම දෙනවා වගේනේ හැසිරෙන්නේ... පොඩි මිනිහා ඉස්සරහා දවස් දෙක තුනක් යද්දීම තේරේවි දුප්පත් මිනිහ ඇයි පාරට බැස්සේ කියලා...

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site