
(ප්‍රියන්ත ජයලත්)
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන නුගේගොඩ දුම්රිය ස්ථානයේ පිටව යන දොරටුව ඉබි යතුරු දමා වසා තිබීම නිසා අවිස්සාවේල්ල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියකින් නුගේගොඩට පැමිණි මගීන්ට දුම්රිය ස්ථානයෙන් පිටව යෑමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවයකට පත් වූ බව මගීහු පවසති.
එම හේතුව නිසා දුම්රියෙන් පැමිණි මගීන්ට දුම්රිය වේදිකාවේ සිට දුම්රිය මාර්ගයට බැස දුම්රිය මාර්ගය දිගේ ගොස් දුම්රිය ස්ථානයෙන් පිටව ගිය අයුදු දැක ගත හැකි විය.
දුම්රියෙන් පැමිණි වයෝවෘද්ධ කාන්තාවන්ට දුම්රිය වේදිකාවේ සිටි දුම්රිය මාර්ගයට බැසීමට නොහැකි වීම නිසා දැඩි අසරණතාවයකට පත් වූ බව මගිහු පැවැසූහ.
ඇතැම් දුම්රිය ස්ථානවල සේවකයන් නොමැති වුවත් දුම්රිය ස්ථාන වසා නොතිබූ බවත් නුගේගොඩ දුම්රිය ස්ථානයේ පමණක් පිටවීමේ දොරටුව වසා තිබීම බරපතල වරදක් බව මගිහු චෝදනා කරති.
පාදුක්ක දුම්රිය ස්ථානය ද වසා දමා තිබියදී කොළඹින් ගිය කණ්ඩායමක් එය විවෘත කිරීමට කටයුතු කර ඇතැයි දැනගන්නට ඇත මොරටුව දුම්රිය ස්ථානය වර්ජනය සහභාගී නොවී සාමාන්‍ය පරීදි කටයුතු කරන බව දැනගන්නට ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd