IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිකම් දෙන සහල් කවරය දෙන්න රුපියල් 100ක් ගරලා

(නිමල් ජයරත්න)

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ  සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම් ලාබී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක්  අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා කරති.

එම මුදල ලබා නොදීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක ප්‍රමාණය නොලැබෙන බවට දැනුම් දුන් බවට අඩු ආදායම්ලාභීහු ප්‍රකාශ කරති.

අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ වැලිකන්ද යන කොට්ඨාසවල අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ දහයක ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන 21 වෙනිදා ආරම්භ කෙරිණි.

අප මේ පිළිබඳව 207 වසම බාර  සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ සමෘද්ධිලාභීන් කුඩා ගම්මාන රැස්වීම්වලට සහභාගි නොවීම නිසා මාස පහක මුදල් එලෙස කුඩා ගම්මාන සමිතියේ මගින් එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

අප මේ පිළිබඳව සමෘද්ධි කුඩා ගම්මාන සමිතියේ සභාපති ජී.පි. තුෂාරි මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා එවැනි මුදලක් එකතු කරන බවයි, පසුව අප මේ පිළිබඳ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එස්.එම්. අල් අමින් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එලෙස සහල් ලබාදීමේදී මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, සත පහක්වත්, එකතු කිරීමට උපදෙස් ලබා නොදුන් බවත්, එලෙස මුදල් එකතු කරන්නේ නම් ඒ පිළිබඳ ලිඛිතව දැනුවත් කළහොත් ඔවුනට විරුද්ධව නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බවයි.

 



අදහස් (3)

නිකම් දෙන සහල් කවරය දෙන්න රුපියල් 100ක් ගරලා

කීර්තිපාල Tuesday, 23 April 2024 06:22 AM

අපූරු ප්‍රාදේශීය ලේකම් . යම් තොරතුරක් ලැබුනම ඒක ලිඛිතව ඉල්ලීම කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ වාගකිවයුතු නිළධාරියෙක් ලෙසට රාජකාරි පැහරහැර පනින රිලවුන්ට ඉනිමං බැදලා තියෙනවා සාමාන්‍යයෙන් ආයතනයකට තොරතුරු ලැබෙන්නේ ලිඛිතව පමණක් නොවෙයි කියලා ඒ නිළධාරි තැන නොදැනීම රටේ අවාසනාවක් බව රජයේ විශ්‍ර්‍රාමිකයෙක් හැටියට කියන්නෙ අපි ලැබූ පුහුණු අවස්ථාවල දැනුවත් වීම් අනුව තමයි තවත් එකක් කියන්න ඕන ඔය අඩු ආදායම් ලාභීන්ට කිව්වට සමහර ප්‍රදේශවල කුඹුරු වගාකර සහල් වෙළදාම කරන අයටත් ඔය ආධාර දුන්නෙ පොහොට්ටුවෙ ආධාර කරුවන් නිසාද කියලා අහන්න වෙනවා

:       0       1

Lalla Tuesday, 23 April 2024 08:47 PM

දිඹුලාගල කියන්නේ වගාබිම්... ඇයි නිකම් සහල් බෙදන තත්ත්වයට පත්වූයේ...?

:       0       1

Sharm Thursday, 25 April 2024 06:13 AM

දැන් බලද්දි ඒ රුපියල් සීය ට හේතු සීයක් විතර තියනවනේ... එකෙක් වත් හරියට දන්නෑ මොකටද සල්ලි එකතු කලේ කියලා.. හොරකම එතනින්ම පේනවනේ.. ඡන්ද පගාව වත් හරියට දෙන්න දන්නෑනෙ මුන්ට.. අයියෝ සාමි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site