(සිඳී ගිය වැව්)
(වැව් ජලයෙන් වගාකිරීමට ඇති වගාභූමි)
(ඉන්දික අරුණ කුමාර)
වියළි කාලගුණ තත්වය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිබිල වැව, දෙකේ කනුව වැව, නාඋල වැව ඇතුළු කුඩා වැව් රැසක් සිඳී ගොස් ඇතැයි ගොවි සංවිධාන කියයි.
දැඩි පෑවිල්ලත් සමග එව සුළඟ වැව්වල ජලය සිඳීයාමට බලපා ඇති අතර, මේ හේතුවන් ඇතැම් වැව් පතුල්වල තෘණ වර්ගද වැවී තිබේ. නෙළුම් වැනි ශාක පවා විනාශ වෙමින් ඇති බව ගොවීහු කියති.
වැසි නොලැබීමෙන්, භූගත ජල මට්ටම පහත බසිමින් ඇති බවද, මේ තත්වය ඉදිරියට පැවතුණහොත් ළිංවල ජල මට්ටම පවා පහත බසිනු ඇති බවද ඔවුහු පවසති.
මූලික බිම් සැකසු බොහෝ වගාභූමිවල වගා කටයුතු මේ හේතුවෙන් කර ගත නොහැකිව ඇතැයි ගොවි සංවිධාන කියා සිටියි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නාඋල කුඩා වැව් සිඳී යයි
Wimale Wednesday, 19 August 2020 09:02 AM
මෙම වෙලාව හොඳයි වැව් ගැඹුරු කරන්න.
පූජා Wednesday, 19 August 2020 09:10 AM
සිඳීගිය වැවට පිටුපසින් පෙනෙන, කඳු පෙළ මොනතරම් ලස්සන දර්ශනයක් මවා පානවද? වැව් වැසිදියෙන් පිරී තිබෙන කාලයට, නෙලුම් මල් එහෙම පිපී තිබෙන විට, ඒ පළාත මොනතරම් දර්ශනීයව පෙනෙනවා ඇද්ද? හැමදාම ඔහොම තියෙන එකක් නැහැ. වැස්ස වැහැලා, වැව් පොකුණු, ජලයෙන් පිරිලා, නෙලුම් මානෙල් මල් පිපිලා වගා බිමුත් සරුසාර වෙයි. අපි සියලු දෙනාම නිරතුරුවම බලා හිඳින "බලාපොරොත්තුව" එකම විසඳුම වේවිද?
sharm warnThursday, 20 August 2020 04:43 AM
පොඩ්ඩක් ඒ පළාතේ වර්ෂාපතනය සහ වැසිසමය ගැන කාලගුණ දත්ත ටිකක් අරගෙන බලන්නකෝ.. ඔය කියන සුන්දරත්වය විඳින්න අවුරුද්දෙන් කී කාලයක් බලන් ඉන්න තියෙනවද කියලා... වැව් හිඳෙන කාලෙට ගමේ මිනිස්සු වතුර පොදට අල්ලන සටන ඔය කියන සුන්දර දර්ශනය නෙමෙයි. මේ වැව් හිඳෙන්න පළවෙනි හේතුව ඒ පළාතේ කාලයක් සිදුවුණ වන සංහාරය... ඔය කඳුවලින් ජලපෝෂක රැකෙන්නේ නැති නිසා තමයි වැව් වලට වතුර හිඟවෙලා තියෙන්නේ...
priyantha Wednesday, 19 August 2020 12:27 PM
පේන්නේ පිට්ටනියක් වගේ ගොඩවෙලා... මේ වැව් හාරලා වතුර ධාරිතාවය වැඩි කළා නම් හරි...