
(අමදෝරු අමරජීව )
ගාල්ල මුහුදු තීරයේදී බහු දින ධීවර යාත්‍රාවක හැපී සිදුවූ අනතුරෙන් ධීවර කාර්මිකයන් තිදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ නෞකාව නාවික නීතිය යටතේ සිය භාරයට ගෙන ත්‍රිකුණාමල වරායේ රඳවා ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි .
ලිබියාවේ සිට බංගලාදේශය දක්වා පොහොර තොගයක් රැගෙන යමින් තිබූ "COMMANDER-K" නැමැති මෙම නෞකාව ඉන්ධන ලබා ගැනීමට ත්‍රිකුණාමල වරායට පැමිණි අවස්ථාවේ ගාල්ල වරාය මගින් ලබා දුන් පණිවිඩයක් මත මෙම රඳවා ගැනීම සිදුකළ බව ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් මහතා පැවසීය.
මේ අනුව ගාල්ල වරාය පොලිසිය මගින් ලබා දුන් පණිවිඩයක් මත ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ. රණවිර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් රඳවාගෙන ඇති නෞකාවට ගොස් එහි කපිතාන්වරයාගේ ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබීය .
කපිතාන්වරයා ප්‍රකාශ කරන්නේ ත්‍රිකුණාමල වරායේදී ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන තෙක් තම නෞකාව ධීවර යාත්‍රාවක ගැටුණු බව නොදන්නා බව ප්‍රකාශ කර තිබේ .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.