IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ධීවරය යාත්‍රාවක් ‌මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට

(විමුක්ති එස් රුද්‍රිගු)

දික්ඕවිට ධීවර වරායෙන් රැකියාව සඳහා පසුගිය 12 වැනිදා  පිටත්වූ ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර ට්‍රෝලර් යාත්‍රාව අරාබි මුහුදේ රැකියාවේ නිරත වෙමින් සිටියදී අද (27) දහවල් කාලයේදී කිසියම් ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේය.

පැහැරගන්නා අවස්ථාවේදී එම ට්‍රෝලර් යාත්‍රාවේ නියමුවා ඇතුළුව කාර්ය මණ්ඩලය 6 දෙනකු සිට ඇතැයි සුසන්ත කහවත්ත මහතා පැවැසුවේය.

ලොරෙන්සෝ පුතා 4 අද (27) රැකියාවේ නිරත වෙමින් සිටියදී තවත් යාත්‍රාවක් ලොරෙන්සෝ පුතා 4 නෞකාව පසුපස ලුහුබැඳ ඇති බවත් ඒ අවස්ථාවේදී ලොරෙන්සෝ පුතා 4 නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය එම යාත්‍රාව වෙරළාරක්ෂක නෞකාවක් යැයි සිතා ඇති බවත් කහවත්ත මහතා ප්‍රකාශ කළේය.

එම නාඳුනන යාත්‍රාවෙන් ආයුද සන්නද්ධව දෙදෙනකු ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවට ගොඩ වී ඇති බවත් අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා අහසට වෙඩි තබමින් කාර්ය මණ්ඩලය සහ යාත්‍රාව ඔවුන්ගේ බාරයට ගෙන ඇති බවත් කහවත්ත මහතා පැවැසුවේය ලුහුබඳින අවස්ථාවේදී අසළ තිබූ යාත්‍රා ඉවත් වී ඇති බවත් ලොරෙන්සෝ

පුතා 4 නෞකාවේ සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කර නාඳුනන යාත්‍රාව පිටුපස රැගෙන ගොස් ඇති බවත් කහවත්ත මහතා ප්‍රකාශ කළේය.

එම කණ්ඩායම ලොරෙන්සෝ පුතා 4 නෞකාව රැගෙන යන්නේ කුමන ස්ථානයටද සන්නද්ධ කණ්ඩායමේ ඉල්ලීම මොනවද යන්න තවමත් නොදන්නා බවත් එයට හේතුව එම සන්නද්ධ කණ්ඩායම පැහැර ගැනීම පිළිබඳව තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොතිබීම බවත් කහවත්ත මහතා පැවැසුවේය.

ලොරෙන්සෝ පුතා අඩි 50 ක් දිග යාත්‍රාවක් බවත් මෙම ගමන එම යාත්‍රාවේ මංගල ගමන බවත් කහවත්ත මහතා ප්‍රකාශ කළේය.

ධීවර යාත්‍රාව බේරා ගැනීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සහ නාවික හමුදාව සමඟ එකතු කටයුතු කරන බව කහවත්ත මහතා පැවැසුවේය.

 



අදහස් (0)

ධීවරය යාත්‍රාවක් ‌මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site