
(අංජුල මහික වීරරත්න)
ධීවරයින්ට " සයුර " විශේෂ හදිසි අනතුරු රක්ෂ යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.
ධීවරයින්ගේ අවදානම කළමනාකරණය කරමින් ඔවුන්ගේ ජීවන තත්වය වඩාත් සතුටු දායක තත්වයකට ගෙන ඒම සඳහා මෙම " සයුර " විශේෂ හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව හඳුන්වා දෙ බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා පැවසීය.
ධීවර කර්මාන්තය් යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබදව සලකා බලා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය, වාර්ෂිකව අලුත් කරගත හැකි පරිදි හා ධීවරයින්ගේ මූල්‍ය තත්වයට අනුව ආවරණ මට්ටම් 3 කින් සුළු වාරික මුදලක් යටතේ දායක විය හැකි පරිදි සකස් කර ඇතැයි ද කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා කීය.
එමඟින් මුහුදේදී මෙන්ම ගොඩබිම ධීවර කර්මාන්තයේ යෙදීමේදී හදිසි අනතුරු තත්වයන් මත සිදුවන ජීවිත අහිමි වීම්, පුර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන් සඳහා මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් වන රෝහල්ගත වීම් සහ අවමංගල්‍ය කටයුතු ආවරණය කරමින් ප්‍රතිලාභ ලබා දෙන බව කෘෂි රක්ෂණ මණ්ඩලය කියයි.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධීවරයින්ට හදිසි අනතුරු රක්ෂණයක්