IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ධීවරයාගේ සල්ලි කෝටි පහක් පිනට දීලා


(සුජිත් හේවාජුලිගේ)

ධීවර අමාත්‍යාංශය ගාල්ල කයිකාවල මුහුදු ප්‍රදේශයේ නැංගුරම්පොළක් ඉදි  කිරීමට  කොන්ත්‍රාත් සමාගමකට ගෙවා ඇති රුපියල් කෝටි පහක පමණ අත්තිකාරම් මුදලක් එම සමාගමෙන් ආපසු අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම ඉදිකිරීම් කටයුත්ත ඉදිකිරීම් බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් ආරම්භයේදීම නවතා දමා තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

නැගුරම්පොළ වසරක් ඇතුළත ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් සමාගම සමග පැකේජ දෙකක් යටතේ ගිවිසුම් වලට එළඹ තිබුණේ 2014 වසරේදීය.එම ගිවිසුම් අනුව කොන්ත්‍රාත්තු දෙකේ වටිනාකම රුපියල් කෝටි 24කට වැඩි බව  විගණන කාර්යාලය පවසයි.

අත්තිකාරම් මුදල ගෙවා වසර නවයක් ගත වී තිබුණද එම මුදල අයකරගෙන නැතැයි වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.



 

 



අදහස් (0)

ධීවරයාගේ සල්ලි කෝටි පහක් පිනට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site