(තිලකරත්න දිසානායක)
කොටස් වශයෙන් ආනයනය කොට එකලස් කරනලද අධි ඇන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත කරන ලද මෙම යතුරු පැදි ළඟ තබා ගෙන සිටි බව කියන හේනේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සහ 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් මෙලෙස එකලස් කොට ඇති යතුරු පැදි මෙරට සාමාන්‍ය ජනතාවට පරිහරණය කිරීමට අවසර නොමැති ඇන්ජින් ධාරිතාවය 1000 ප්‍රමාණයේ ඒවා බවත් පොලීසිය පවසයි.
මෙම යතුරු පැදි අතර බී.එම්.ඩබ්ලිව් වර්ගයේ තුනක් සහ ඩුකාමි වර්ගයේ තුනක් වන බවත් මින් යතුරු පැදි පහක් එක් පුද්ගලයකු සතුව සහ එක් යතුරු පැදියක් අනෙක් පුද්ගලයා සතුවත් තිබී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ධාවනයට තහනම් යතුරු පැදි හයක් අල්ලයි
CBR Thursday, 22 December 2022 10:22 AM
අපරාදේ. ඔව්ව tax එකක් ගහල register කරන්න නීති හදන්න. ඔය bike වල ගිහිල්ල කිසිම අපරාදයක් ලංකාවේ කරලා නැහැ. කරලා බේරිලා යන්න බැහැනේ, speed තිබ්බට වැඩක් නැහැ. හැමෝම දකිනවා නිකම්ම අහුවෙනවා !!!. හැබැයි CT100 /Scooter එකක jacket දාල ගියොත් කොහොමවත් හොයන්න බැහැ නේද.
JaninduThursday, 22 December 2022 12:29 PM
ඒකනෙ. අපිත් දකිනවා බයික් වලින් පියාබලා යන්න ගිහින් මහපාරෙ මැරෙන මිනිස්සු. ඒ මැරෙන්නත් තව මනුස්සයො රොත්තක් අමාරුවෙ දාලා. එහෙම තත්වෙක ඉන්න රටකට 1000CC දුන්නොත් හොදට හිටීවි. අනිත් මිනිස්සු අමාරුවෙ නොදා මැරෙනවා නං 1000CC අව්ලක්ම නෑ
CBRFriday, 23 December 2022 12:52 AM
1000CC රෙජිස්ටර්ඩ් සාමාන්‍යයෙන් ලක්ෂ 50 විතර වෙනවා. එහෙම කෙනෙක් මැරෙන්න හරි මරන්න හරි ඒ බයික් එක පදියි කියල හිතන්න බැහැ.
CBRFriday, 23 December 2022 12:57 AM
තව දෙයක්, 100CC වලින් ගිහින් මරාගෙන මැරෙනවනම් එතන තියෙන්නේ engine capacity problem එකක නෙවෙයි නේද?.පදින්නාගේ විනය හැදුවනම් හරි.
Kamal Thursday, 22 December 2022 01:46 PM
පොලිස් යතුරුපැදි ධාවකයන් හොඳින් පුහුණු කරවන්න.... මේ අපරාධ අල්ලන්න ඔවුන්ට ඉඩදෙන්න.