(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීමට එරෙහිව ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වන දා එම නඩුව කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (01) මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී එලෙස නියෝග නිකුත් විණි.
ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික දුමින්ද නාගමුව, මහාචාර්ය රත්නජීවන් හූල් සහ විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමසාරිස්, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසකි.
වියවස්තාවේ විධිවිධානයන්ට පටහැනිව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජාතික ලයිස්තු ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම පත් කිරීම මගින් තමන්ගේ තමන්ගේත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධම්මිකට එරෙහි පෙත්සමේ කරුණු විමසන්න දින දෙයි