IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වන ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් මහත්මිය අද (23) නියෝග කළාය.

ඩවුනින්ග් සෙන්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ අද (23) නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය එමා සුලිවාන් මහත්මිය ඇප කොන්දේසි 2 ක් ලිහිල් කිරීම සඳහා අයැදුම්පතක් ගොනු කර තිබිණ.

පළමුවැන්න ලෙස වට්ස් ඇප් මෘදුකාංගය භාවිත කිරීමට අවසර ඉල්ලා සිටි අතර වට්ස් ඇප් මිතුරන් හඳුනාගන්නා මෘදුකාංගයක් නොවන බැවින් ඒ සඳහා අවසර ලබා දෙන බව මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් මහත්මිය ප්‍රකාශ කළාය.

නමුත් ධනුෂ්ක ගුණතිලකට වට්ස් ඇප් මෘදුකාංගය හැර අනිකුත් මිතුරන් හඳුනාගන්නා මෘදුකාංග සහ සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් වේ.

දෙවැන්න ලෙස  ඇඳිරි නීතිය සහ බලාත්මක කිරීමේ කොන්දේසි ඉවත් කරන ලෙස සුලිවාන් මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.එහිදී දැඩි ඇප කොන්දේසි කඩ නොකිරීම හේතුවෙන් ඇඳිරි නීතිය ඉවත් කරන බව මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් මහත්මිය සඳහන් කළාය.

ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පසුගිය නොවැම්බර් මස දැඩි ඇප කොන්දේසි මත  සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දීමට නියෝග කළේය.

මෙම නඩුව නැවත වරක් ලබන අප්‍රේල් මස කැඳවීමට නියමිතව ඇත.



අදහස් (10)

ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

Yaka Thursday, 23 February 2023 12:46 PM

ලෝයර්ටත් කේස් එකක් දායිද දන්නේ නෑ...

:       0       3

fairoos Thursday, 23 February 2023 01:33 PM

එහෙනම් ඊළඟ ඡන්දෙදී පොහොට්ටුවේ අපේක්ෂකයා ලැබෙයි...

:       1       4

Bamunuarachchi Thursday, 23 February 2023 07:58 PM

මෙයා හොඳ බැට්ස්මන් කෙනෙක්. නරකද මුස්ලිම් ආගමට අරගෙන 7 දෙනෙක් කසාද බැඳලා දුන්නාම...? අවුරුදු 6 දුවෙක් ඉන්නවා නම් එයාවත් කරකාර බැඳලා දෙන්න...!

:       2       2

fairoosSunday, 26 February 2023 12:17 PM

මෙයා ගහන්න දන්නේ ‘‘නෝ බෝල්‘‘ විතරයි, ඒකයි බුදුදහම නැතිවෙලා තියෙන්නේ...! 

:       0       2

MarsipalaMonday, 27 February 2023 12:06 PM

බමුණුආරච්චි ගේ දුවෙකුට කසාද බන්දලා දුන්නම හොඳද .බෞද්ධයෙක් කියන්නත් ලැජ්ජයි එහෙම තියෙද්දී අනිත් ආගම්වලට අපහස කරන්න එපා .රටටත් කෙලවෙලාම තියෙන්නෙත් ඒකයි

:       0       0

BamunuarachchiMonday, 27 February 2023 08:26 PM

මසිරිපාල කරුණු නොදන්නා අයට අපහාසයක් ලෙස පෙනෙනවා.මම ඔවුන්ගේ ආගම ගැන හොඳට කියවලයි ලියන්නේ. හලෝ මම නොවෙයි ගරහන්නේ යනවා යූ ටියුබ් කියවනවා මුහම්මද් තුමාගේ ඛේදනීය මරණය,මුහම්මද් තුමාගේ ජීවනෝපාය, එතන ඉඳන් ඉතුරු ටික කියවනවා. ඕවා ලියන්නේ අපි නොවෙයි අරාබි කාරයෝමයි.

:       0       0

BamunuarachchiMonday, 27 February 2023 08:37 PM

නමින් මසිරිපාල උනා කතාව හමබයෙක් ගේ වගෙයි. නරකද ඔහේගේ ළමයින්ට බාප්පා කෙනෙක් කර ගත්තාම. නැතිනම් මම එන්නම්.

:       0       0

ABC Thursday, 23 February 2023 04:18 PM

කාලා බීලා එහෙට වෙලා ඉඳපන් මල්ලී...

:       1       2

No name Friday, 24 February 2023 09:06 AM

ඇයි තව මඩ ගහන්ඩද?

:       1       0

Yes NameMonday, 27 February 2023 08:46 AM

ඔව් අනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site