IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ධාන්‍ය වියලීමට අලුත් යන්ත්‍රයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වී,බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සූර්ය උමං වියලනය හෙවත් Solar Tunnel Dryer තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මෙම  නව බීජ වියලීමේ පද්ධතියක් හදුන්වා දී තිබේ.

මෙම බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක බව  කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා පැවසීය.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම නව පද්ධතිය වව්නියාව නෙලුක්කුලමේ දී  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විවෘත කරනු ලැබීය.

මෙම පද්ධතියේ ඇති විශේෂත්වය වන්නේ සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලිබලයෙන් ක්‍රියාත්මක වීමයි. ඊට අමතරව මුළු ගබඩාවම වීදුරුවකින් ආවරණය කර ඇති නිසා ස්වාභාවික සූර්ය රශ්මිය අඛණ්ඩවම ලැබේ. රාත්‍රී කාලයට ද බීජ වියලීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමට හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කියයි .



අදහස් (4)

ධාන්‍ය වියලීමට අලුත් යන්ත්‍රයක්

පාඨකයෙක් Monday, 25 March 2024 12:05 PM

ඉතාමත් කාලෝචිත සහ අගනා කටයුත්තකි. උතුරු පළාතේ ගොවි මහතකු මහාමාර්ගයේ අස්වැන්න වියළමින් සිටිනා අතරේ යතුරුපැදියක් ගැටී මියගිය පුවතක් වාර්තා වූයේ මීට මාසයකට පමණ පෙරයි. එවැනි ඛේදජනක සිදුවීම් වළක්වා ගැනීමට ද මෙම ක්‍රමවේදයෙන් හැකිවනු ඇත...

:       0       22

Chandana Monday, 25 March 2024 01:23 PM

විශිෂ්ඨයි, නව නිපැයුම් අවශ්‍යම යුගයක්.. තාක්ෂණය හා මුසුව...

:       0       17

ravin Monday, 25 March 2024 02:41 PM

විශිෂ්ටයි අති විශිෂ්ටයි. දිගු කාලයකට කළින් කළ යුතුව තිබුණ වැඩක්. සියලුම දිස්ත්‍රික්කවල මෙවැනි තාක්ෂණික අංග ඇති කිරීමෙන් ගොවි ජනයාගේ ජීවන තත්වය දියුණු කළ හැකි වේ.

:       0       13

කුහකයො Monday, 25 March 2024 04:46 PM

අර හැම එකටම ජනාධිපතිටයි ආණ්ඩුවටයි බණින උදවිය කවුරුවත් මේකට අදහස් දාලා නැහැ නේද? ඒ අයට තමයි කුහකයින් කියන්නේ....!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site