
(යොහාන් භාසුර)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිලාත්හිදී අද (22) ආරම්භ වූ පළමු තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු තුනක් දැවී ලකුණු 32 ක් රැස්කර සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලකුණු 280 ක් රැස්කළ අතර ඒ අනුව බංග්ලාදේශය කඩුලු 7 ක් අතැතිව ලකුණු 248 ක් පසු පසින් සිටියි.
කාසියේ වාසිය ලැබූ බංග්ලාද්ශ පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ හයවැනි කඩුල්ල වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා (102) සහ කමිඳු මෙන්ඩිස් (102) ලකුණු 202 ක අනගි සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවය රැකගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන් පස්දෙනාම ලකුණු 57 කදී ක්‍රීඩාගාරයට හරවා යෑමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 68 කද සියලු දෙනා දැවී 280
(දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16, ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, කලීඩ් අහමඩ් 72/3, නහීඩ් රනා 87/3)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 10 කදී කඩුලු 3 ට 32
(විශ්ව ප්‍රනාන්දු 9/2)
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනංජය - කමිඳු ගෞරවය රැකගනිති