ශ්රී ලංකා මහ බැංකුව ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් ගන්නා ලද නියාමන හේතුවෙන් පසුගිය වසරක කාලය තුළ තමන්ගේ තැම්පත් මුදල් ලබානොදීම හේතුවෙන් ද ෆිනෑන්ස් සමාගමේ අගතියට පත් ජ්‍යෙෂ්ඨ පුරවැසි තැම්පත්කරුවන්ගේ එකමුතුව මගින් සංවිධනය කළ සාමකාමී විරෝධතාවයක් අද (08) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකය අසලදී පැවැත්විණි.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ද ෆිනෑන්ස් සමාගමේ අගතියට පත් තැම්පත්කරුවන් සාමකාමී විරෝධතාවයක
කාවිංද Wednesday, 08 January 2020 04:03 PM
ණයක් ගත්තු කෙනෙක් මූල්‍ය සමාගමකට පොල්ල තිබ්බොත් ඔහුට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත්, මූල්‍ය සමාගම තැන්පත්කරුවන්ට පොල්ල තිබ්බොත් නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත් හරියට අහසට පොළව වගේ...
samThursday, 09 January 2020 03:14 AM
කියමනක් තියනවා ''ඔබ බැංකුවට රුපියල් දහසක් ණය නම් එය ඔබේ ප්‍රශ්නයකි", "ඔබ රුපියල් කෝටියක් ණය නම් එය බැංකුවේ ප්‍රශ්නයකි" කියලා. මෙතන සිද්ධ වෙන්නෙත් ඒකම තමයි.
athura Thursday, 09 January 2020 03:35 AM
දැන් ඉතින් කබ්රාල් කියපු දේ කරන්න තියෙන්නේ.
sunilThursday, 09 January 2020 04:13 AM
ඒ කියන්නේ මෙච්චර කාලයක් හිටිය වගේ ඔහේ නිකම්ම ඉන්න එක තමයි.
MaheeThursday, 09 January 2020 12:18 PM
ඒක ඇත්ත. අපුරු කියමන සුනිල්.
rohana kumara mendis Thursday, 09 January 2020 05:07 AM
ඕවා ඉතින් අර කියනවා වගේ බොල් ණය තමයි. ආයේ ගැනිලි බොරු. ඔය ෆිනෑන්ස් කම්පැනිය හිර උනාට පස්සේ ආයේ පන දුන්නේ සෙලින්කෝ එකෙන්. ඒ මනුස්සයාටත් ලෙඩ දැම්මානේ ඇතුලට දාලා. අපේ තාත්තාගේ සල්ලිත් නැහැ. පොළීත් මුකුත් නැහැ. තාත්තා නැති වෙලා දැන් අවුරුදු 20. කාට කියන්නද ඉතින් ඔය සේරම නිසා මිනිස්සු කොයි තරම් අමාරුවේ වැටුනද ? දැන් සක්විති එළියේ නිදහස්.
saman Thursday, 09 January 2020 05:46 AM
ඉ ටි අයි තැන්පත්කරුවන්ටත් මේ හෙනේම නේද පත් වෙලා තියෙන්නේ. රජය සහ මහා බැංකුව ඉ ටි අයි බෙරන්නේ ඇයි?
K.B. Samaratunge Thursday, 09 January 2020 10:40 AM
මමත් රුපියල් ලක්ෂ 5 ක් දැම්මා . දැන් ඉතින් හුළං තමයි. හැමදාමත් ඔවුන්ගෙන් අහනවා. මහ බැංකුව ඔවුන් ආරක්ෂා කෙරනවා වගේ පෙන්නේ. බොරුව කරන්නේ පොත පෙරලනවා. මම අසරණ වෙලා ඉන්නේ. කවදා විසදුමක් ලැබෙයිද.
amila Friday, 10 January 2020 04:02 AM
"තණ්හා ජායතී ශෝකෝ" රජයේ බැංකුවක දැම්මානම් පොළී අඩු උනත් මුදල හරි තියනවා. වැඩිය කන්න ගියාට හොඳ වැඩේ.
lalithm Saturday, 11 January 2020 07:00 AM
කබ්රාල්ලා වගේ අය කරපු කියපු දේවල් දිහා බලපුවම රජයේ බැංකුත් විශ්වාස කරන්න බැහැ.මහ බැංකුවේ අන්තිමට හිටපු අධිපතිවරු තිදෙනාම කටයුතු කළේ මහත් ප්‍රශ්නකාරී අන්දමින්. රජ ටෝක් දීලා හඩු විදියට පල්ලම් බැස්සා. ආර්ථිකේ එතනමයි.
Anita himi Saturday, 11 January 2020 08:52 AM
ළමයිනේ කාලේ නාස්ති කරගන්න එපා. ඔය මුදල් ලැබෙන්නේ නෑ.