ජාතික තලයටත්, ජාත්‍යන්තරයටත් ව්‍යවසායකයන් බිහි කරන ද බිස්නස් ස්කූල් ආයතනය විසින් සිය අභිමානවත් පස් වැනි සංවත්සරය අතිඋත්කර්ෂවත් ලෙස මහනුවර, අම්පිටිය ගෝල්ඩන් ක්‍රවුන් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදී. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූරයකු වන ව්‍යාපාරික දිලන්ත මාලගමුව මහතා සහභාගී විය.
එම අවස්ථාවට මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, ජාත්‍යන්තර ව්‍යාපාර උපදේශක හා අභිප්‍රේරක සුරාජ් රණසිංහ, ඔක්ටාන් සමූහ ව්‍යාපාරයේ අධිපති ලක්ෂ්මන් විතානාරච්චි යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ. ආයතනයේ නිර්මාතෘ නුවන් සජීවක ජයකොඩි, සම නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී ධම්මික දුලේන්ද්‍ර හේරත්, විදුහල්පති තුෂාර දිසානායක, TBS උපදේශක මණ්ඩලය, TBS කළමනාකරණ මණ්ඩලය, TBS දේශක මණ්ඩලය, ව්‍යවසායකයෝ, දෙමාපියෝ සහ සිසුහු විශාල පිරිසක් මෙම සංවත්සර සැමරුමට එක් වූහ.
මෙහිදී ද බිස්නස් ස්කූල් ආයතනය 2017 වසරේ සිට පස් වසරක් පුරා පැමිණි ගමන් මගෙහි බිහි කළ ව්‍යවසායකයන් හා සිසුන් ඇගයීමද, ආයතනයේ කළමනාකරණ මණ්ඩලය ඇතුළු පැමිණි ගමනට දායක වූ සියලුම දෙනා ඇගයීමද සිදු විය. පැමිණ සිටි සියලුම ව්‍යවසායකයන් සඳහා සිදු කළ විශේෂ දේශන කීපයකින්ද සමන්විත වූ සංවත්සරයට අලංකාර නැටුම් ගැයුම් රැසක්ද එක් වී තිබුණි.
2023 වර්ෂය සඳහා සිදු කිරීමට සැළසුම් කර ඇති විශේෂ ව්‍යාපෘති රැසක් මෙහිදී එළි දැක්වුණු අතර TBS කැම්පස් (Total Business Solution Campus) එළි දැක්වීමද මෙහිදී සිදුවිය. ද බිස්නස් ස්කූල් ආයතනයේ දස වසරක අභිමානවත් සැමරුමේදී ඉදිරි වසර ගණනාවක් සඳහා ශක්තිමත් පදනම තහවුරු කරන ලදී.
595
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ද බිස්නස් ස්කූල් පස් වැනි සංවත්සරය සමරයි