IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දොස්තර වර්ජනය දිග්ගැස්සෙයි

(නිමල කොඩිතුවක්කු)

2026 අයවැය මගින් සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන් නොසලකා හැර ඇති බවට විරෝධය පළකරමින් අද (7) උදෑසන 8.00 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවා මෙම තීරණය ගත් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (17) පෙරවරුවේ පැය දෙකකට අධික කාළයක් පැවැති සාකච්ඡාවෙන් තම ගැටලු වලට සාධනීය විසදුමක් නොලැබුන බවත් ඔහු සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුලු සෞඛ්‍ය බලධාරීන් ද එක්ව සිටියහ.

 



අදහස් (2)

දොස්තර වර්ජනය දිග්ගැස්සෙයි

Rata Perata Monday, 17 November 2025 05:56 PM

සාධනීය කියන්නේ තව ටිකක් සල්ලි එකතු කරගන්න එක තමයි. මොවුන් තමයි සල්ලි පෙරේතයෝ... අපේ රටේ තවත් නැ. අනිත් එක.... රටේ ජනතාව​ගේ සෞඛ්‍යය ඇපයට අරගෙන වර්ජනය කරන මේ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තහනම් කළ යුතුයි.

:       5       11

dol waka Monday, 17 November 2025 07:01 PM

බාල බෙහෙත් දෙද්දී මේ අය කොහේද හිටියේ?

:       6       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site