IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


දේශබන්දු කමිටුවට ආ සාක්ෂිකාරියක හරවා යවයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)‍ෙ

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල  කමිටුව හමුවේ සාක්ෂි දීමට පැමිණි සාක්ෂිකාරියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීතිඥවරයාගේ  විරෝධය හේතුවෙන් කමිටුව විසින්  සාක්ෂි නොගෙන අද (18) හරවා යවනු ලැබුවාය.


සාක්ෂිකාරිය  සාක්ෂි  ගැනීමට පරීක්ෂණ කමිටුව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී වීඩියෝ පටයක් පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රදර්ශනය  කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගීවූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඉල්ලා සිටියහ.

වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් පරීක්ෂණ කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

මේ අනුව මෙම විරෝධතාවය අනුමත කළ කමිටුව එම වීඩියෝ පටය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට පැමිණි සාක්ෂිකාරියගෙන් සාක්ෂි නොගෙන තාවකාලිකව නිදහස් කර යැවීමට නිර්දේශ කළේය.

තවත් සාක්ෂිකරුවෝ 9 දෙනෙක් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි  දුන්හ.

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා  කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදාගන්නා ලදැයි කියන සිද්ධිය  සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට  පත් කෙරුණු  පරීක්ෂණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන්  සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු නීල්  ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද  (18) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පෙ. ව. 9.30 සිට ප.ව 4.45 දක්වා සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම  මෙසේ සිදුවිය.

සාක්ෂිකරුවෝ 21 දෙනෙක් කමිටුව හමුවේ පෙනී සිට මේ දක්වා සාක්ෂි දුන්හ.කමිටුව හෙට   (19)  පෙ.ව. 9.30 ට  නැවතත් රැස්වීමට නියමිතය.


 



අදහස් (0)

දේශබන්දු කමිටුවට ආ සාක්ෂිකාරියක හරවා යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1806 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 579 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site