IMG-LOGO

දේශපාලකයන් 28කටගේ හිටපු හමුදාපතිවරයකුගේ වත්කම් සොයයි

(ගයාන් සූරියආරච්චි)

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉකුත් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනකුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

ඊට අමතරව හිටපු මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන්ද එම කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත.

අයථා ලෙස ඉපයූ මුදල්වලින්  දේපොළ ලබාගෙන ඇති බවට පාර්ශව කීපයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කළ පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව එම කොට්ඨාශය පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුවරුන් වන මන්ත්‍රී නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, හිටපු අමාත්‍ය වරුන්වන මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, පවිත්‍ර වන්නි ආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර පිය දර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශනඛයා රාසමානිකයම්, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්යාන් සහ ශාන්ත අබේසේකර ඇතුළු දේශපාලනඥයන් පිරිසක් සිටින බව එම කොට්ඨාශය කියයි.

 



අදහස් (8)

දේශපාලකයන් 28කටගේ හිටපු හමුදාපතිවරයකුගේ වත්කම් සොයයි

Asela Friday, 20 June 2025 09:08 AM

පසුගිය මැතිවරණයේදී බලවත් මුස්ලිම් රටවල් සහ දෙමළ ඩයපෝරාව ජනතා විමුක්ති පෙරමුණ හෙවත් NPP සංවිධානයට අරමුදල් සැපයූ බවට පුළුල් මතයක් පවතී. එවැනි අරමුදල් මෝල්ටා සහ විදේශ බැංකු වල ඇති බවටත්, ඒවාට ජවිපෙ සම්බන්ධතා ඇති බවටත් පුළුල් ලෙස සමපේක්ෂන පවතී. මෙයද විමර්ශනය කළ හැකිද?

:       23       18

Manga Friday, 20 June 2025 09:29 AM

දේශපාලන පළිගැනීම් මේවා. පව් අහිංසකයෝ.

:       11       4

Bunny Preena Friday, 20 June 2025 09:47 AM

සමහරක්ගේ හෘද සපන්දනය දෙගුණයකින් වැඩි කරන, රැට රැට සිහිනයෙන් භය ඇති කරන, නින්දෙන් හදිසියේ ඇහැරවෙන වැනි භයානක රෝග ලක්ෂණ මතු කරන පුවතක්.

:       4       17

යෝගා Friday, 20 June 2025 10:21 AM

ඇයි මේ ටික දෙනෙකුගේ විතරක්?. හිටපු සහ දැන් ඉන්න සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ වත්කම් පරීක්ෂා කරන්න ඕන. මොකද අනුන්ට හොරා කියන හුඟ දෙනෙක් කම්බා හොරු කියලා දැන් රටම දන්නවා.

:       8       15

chandra Friday, 20 June 2025 10:43 AM

හොරු කියන අය කම්බ හොරු... අනික් අය හොරු අපි රහත් වෙලා ඉන්න කට්ටිය ... විශේෂයෙන් අනුරාධපුර ගෙයක් ගැන කියනවා. නැව් ගැන කියනවා. විදේශ විනිමය ගැන කියනවා... පක්ෂ අරමුදල් සෑම පක්ෂයකම හොයන්න.

:       3       2

maalaka Friday, 20 June 2025 10:44 AM

ඉතා හොඳයි. මේ ආණ්ඩුව කාලේ නැතිනම්, කවදාවත් වෙන්නේ නෑ.

:       1       11

සිසිල් සුදේශ් Friday, 20 June 2025 10:50 AM

සතුටුයි අසාධාරණෙන් උපයපූ මුදල් ගැන පරීක්ෂණ කරන එක ගැන. ඒත් ඒක තමුන්ගේ විරුද්ධ වාදීන්ට විතරක් යොමු කරන්න හොඳ නෑ. අල්ලස් හා දූෂණ කොමිසම, මාලිමා ගෙදර මුර බල්ලෙක් නොවිය යුතුයි. විශේෂයෙන් කොමිසම ඩීල් දේශපාලනයට හවුල් නොවිය යුතුයි. තොන්ඩමන් ගැන තිබුණු පරීක්ෂණ සියල්ල නවතා දැමීම සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීමට කුකූලාගේ සහාය ලබාගැනීමත් එකම දිනයේ සිදුවීම අරුමයක් නොවේද? කොමිසමේ ලොක්කන් ගැන සෙවීමට තවත් කොමිසමක් පත් කළ යුතු තැනට ආවොත් එය අභාග්‍යයකි...

:       0       8

වසන්ත කෝනාර. Friday, 20 June 2025 03:08 PM

පවිත්‍රා වන්නිආරච්චි සත පහකවත් වංචාවක් හෝ අයථා ලෙස මුදල් ඉපැයූ අයෙක් නෙවෙයි. ඇයගේ පවුලට ශක්තිමත් ධාර්මික ව්‍යාපාර දීර්ඝ කාලයක සිට හිමිව තිබෙනවා. ඇයගේ පියාගේ පෞද්ගලික මුදල් තමයි සිරිමා මැතිණියගේ කාලයේ සිට දේශපාලනයට වියදම් කළේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1972 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 702 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site