
(සුජිත් හේවාජුලිගේ)
දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගුරු ගත් කණ්ඩායමක් කෑ ගසමින් එම සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් එම පොලු මුගුරු ගත් පිරිස සහ සම්මන්ත්‍රණ සංවිධායකයන් අතර ගුටිබැට හුවමාරුවක් පස්වරුවේ සිදුවිය.
මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙක් තුවාල ලැබීය.
සම්මන්ත්‍රණයට කඩා වැදුණු පිරිස අනතුරුව යතුරුපැදිවල නැගී පලා ගොස් ඇතැයි දැනගන්නට ඇත.
මේ සිද්ධිය වූයේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නුවන් වැල්ලන්තුඩාව මහතා සම්මන්ත්‍රණය අමතමින් සිටියදීය.
ඔහු එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් සම්බන්ධයෙන් විවේචනාත්මකව කතා කළ අවස්ථාවේදී ඊට සහභාගී වූ පිරිස අතරේ සිටි දෙදෙනෙක් එකවරම නැගී සිට කෑ කෝ ගසමින් කලබල කරන්නට වූහ. මේ අවස්ථාවේදී සම්මන්ත්‍රණයේ සංවිධායකයන්" මේක සාමකාමී සම්මන්ත්‍රණයක්. ඔයාලා මෙතන ඇවිල්ලා කලබල කරන්න අවශ්‍ය නැහැ. අපේ අදහස් අහගෙන ඉන්න බැරි නම් මෙතනින් යන්න" යැයි සාමකාමීව පැවසූ නමුත් ඔවුන් ඊට අවනත නොවී දිගින් දිගටම කෑ ගසන්නට වූහ.
ගුටිබැට හුවමාරුව ඇති වූයේ මේ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ගාණකට කෝන්තරක් එකක් හම්බවෙලා වගේ? ඡන්දේ තව ලංවෙද්දී එකෙක්ව, දෙන්නක්ව මරන්න කිව්වේ නැතිද? හදිසි නීතිය දාලා ඕනෑ ඕනෑ අය අත්අඩංගුවට ගන්න පුළුවන් වෙන්න... කුලියට කහින්න එපා බං...
NPP එක මොකකට හරි පටලවන්න ඔක්කොමලා උත්සාහ කරනවා.
දේශප්‍රේමය ඉහවහ ගිහිල්ලා...
ජවිපෙ නම කැත කරන්න අටවපු උගුලක්, මෙතැන කථිකයා 88/89 ගැන පරණ තැටිය වාදනය කරන කොටයි විරෝධතාවයක් ආවේ...! ජවිපෙට ඔය අවලාදය හොඳටම හුරුයි, ඔවාට කලබල වෙලා ලබන ජයග්‍රහණය කැත කරගන්න මෝඩ නැහැ. එතැන සංවිධායකයෙක්ම කියනවා ඒ අය එන් පී පී නොවන බව...
ජවිපෙට අවලාද නගලා කීයක් හරි කොටාගන්න නඩු නැති පෙරකදෝරුවෙක් කතාකරන කොටයි මේක වුනේ.., මේ දේශප්‍රේමී සංවිධාන රට බංකලොත් කරපු අයට අවලාද නගන්නේ නැත්තේ ඔවුන්ගෙන් යැපෙන නිසා නොවේද...?
නයිස් ට්‍රයි බෝයිස්...!
ඒකත් තමන්ම ගහගත්තා කියලා කියයිද දන්නෑ. අපිට මතකයි අපිත් කැම්පස් යන කාලේ ජවීපට විරුද්ධව මතවාදයක් දරන අය දේශන, රැස්වීම් ආදිය සංවිධානය කරාම ඔය විදියටම ඒකට ගහන පෝස්ටර් සේරම ඉරලා දානවා. බැනර් කටවුට් කඩලා දානවා... අලවන්න යන අයට රෑට පහර දෙනවා. ඊට පස්සේ දේශන ශාලාව ඇතුළට ඇවිල්ලා ඔය විදියටම කථිකයින්ට විරුද්ධව කෑගහලා රැස්වීම කඩාකප්පල් කරනවා මොන දේ කතා කළත් මාලිමාවේ ඇතුලේ ඉන්නවා. ජවිපෙයි කියන වෘකයාගේ හැසිරීම ඕක තමයි..!
නීතිඥ බල්ලන්තුඩාව ජාතිකත්ව කෝණයකින් ප්‍රශ්න දෙස බලා විග්‍රහ කරන අයෙකි. 2007/8 පමණ කාලයේදී ජාතිකත්ව කඳවුරෙන් ඉවත් වෙමින්, මේ වනවිට ඇමරිකානු ජාතිකත්ව කඳවුරේ සුවච, කීකරු ගෝලයින් බවට පත්ව සිටින ජවිපෙය මෙම මැර කණ්ඩායමට රා පොවා ඇති බව දේශපාලන සෙන්ස් එක ඇති ඇත්තන්ට පැහැදිලියි. මාලිමාවක සිරියෙන් කරලියට පැමිණ ඇති ජවිපෙට ඡන්දය දීමට සිතාසිටින අයෙක් වේ නම් කල්පනා කර බැලිය යුතු තත්ත්වයකි...
තම මතයම පමණක් හරි වග අන්ධව දරාගෙන සිටින , අනෙක් සියලු දෙනාටම වහලුන් යැයි කියන , අනෙකාට තම අදහස් ප්‍රකාශ කරන්නට ඉඩක් හෝ නොතබන මේ අන්තවාදී පටු පුහු මිනිසුන් ට බලය ආවොත් බූරුවාට අං තැබුවා හා සමාන විය හැකිය.
තවත් අසාර්ථක නාට්‍යයක් . ඕවට මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ. පව් ජොලි සීයා!
ඔය මොන නැටුම් නැටුවත් අපි මාලිමාවට, රට අනුරට හොඳේ...
මම හිතුවා ඒකත් නාටකයක් කියලා කියයි කියලා. අපිට හොඳට ඉතිහාසයේ අත්දැකීම් තියෙනවා වගේ සිද්ධීන් විශ්ව විද්‍යාලයේ ඇතුලේ අපි කටයුතු කරද්දී. ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ මතවාදයක් ඇති ඕනෑම සංවිධානයකින් සංවිධානය කරන ඕනෑම රැස්වීමක පෝස්ටර් බැනර් කටවුට් ඉරලා දාන්නත් ඒවා අලවන අයට පහර දෙන එකත් ඒ අයගේ පුරුද්දක්... ඊට පස්සේ රැස්වීම තියෙන වෙලාවට ඒක ඇතුළට ඇවිල්ලා කලබල ඇති කරලා පහර දෙන එක ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ අයට ඕනෑතරම් බොරු, බේගල්, අවලාද, ප්‍රචාර කරන්ඩ පුළුවන්... හැබැයි ඒ අයට විරුද්ධව කතා කිරීම තහනම්. ඒක තමයි ඒ අයගේ ප්‍රතිපත්තිය. ජවිපෙ මේ ඉතිහාසය නොදත් පිරිසක් අද මොවුන් වෙනුවෙන් කටයුතු කරනවා... ඒකයි දුක...
අලුතෙන් කතා හදන්න දෙයක් නෑ.. ඒ ලිපියට සාක්ෂි වීඩියෝ දර්ශන තියෙනවා වගේ දේවල් දැක දැක අපි කොහොමත් මාලිමාවට කියන්න තරම් මේ මෝහනයට පත්කරලා. මේ වගේ වහලුන් එහෙම කිව්වාට අනිත් මිනිසුන් ඡන්දය දෙන එක අලුත් සිදුවීම් හා දැනුම එක්ක ආපහු පාරක් කල්පනා කරන්න බලන එක ඉතා හොඳයි...!