
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ඥාතියකු බව පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා ස්කූටරයකින් යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
පළාත් පාලන ආයතන වල කම්කරුවන් බොහොමයක් දෙනා අපරාධ වලට සම්බන්ධ අය කියලා කියන්න පුළුවන් ඒ එහෙම අපරාධ කරුවන් අත් අඩංගුවට ගත්තාම රජයේ සේවයේ අයගේ ඇප ඉල්ලන අවස්ථාවේ ඇප දීමට ඉදිරිපත් වන පිරිසකුත් ඉන්නවා පළාත් පාලන ආයතනයක සේවය කල නිසා අත්දැකීම් අනුව කියන්න පුළුවන්