
(ජේ.ඒ.එල්. ජයසිංහ)
රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ විදේශීය දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ නිලධාරීන් සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මහනුවරට පැමිණ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක සහ වරකාගොඩ ශ්‍රි ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් බැහැදැක, යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳව විශේෂ ලියවිල්ලක් මහනායක හිමිපාණන් වහන්සේලා වෙත බාර දුන්හ.
ලංකාවේ සියලු ජන කොටස් අතර සමගිය, සහජීවනය සහ ආගමික සංහිඳියාව ගොඩනැංවීමට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ඔවුහු මෙහිදී සඳහන් කළහ.
මෙම අවස්ථාවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සභාපති, එක්සත් රාජධානියේ වෙසෙන සුරේන් සුරේන්දිරන් භවාන් භබකුගන්, වේලුපිල්ලේ කුගනේන්ද්‍රන්, ඕස්ට්‍රේලියාවේ ආචාර්ය කේමුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසංහම්, ඇමෙරිකාවේ ආචාර්ය ජෙයරාජා, යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ නියෝජිතයන් වූ අමරපුර නිකායේ මාදම්පාගම අස්සජි, සියඹලාගස්වැව විමලසාර, වාද්දුවේ පියරතන, මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර, කළුපහන පියරතන, කිතලගම හේමසාර, නාරම්පනාවේ ධම්මාලෝක, වලතර සෝභිත යන හිමිවරු ද සහභාගි වූහ.
මේ සම්බන්ධයෙන් මහනුවර ක්වීන්ස් හෝටලයේදී අදහස් දැක්වූ දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ සභාපති සුරේන් සුරේන්දිරන් මහතා මෙසේ කීය.
“මම වසර 40කට කලින් මෙරටින් ගියා. ඒත් අප ගැන බෙහෝ වැරැදි මත ශ්‍රී ලංකාවේ පැතිර ගියා. අප නිතර කටයුතු කළේ එක්සත් ශ්‍රී ලංකාවක් සහ සහජීවනයෙන් සැවොම නිදහසේ ජීවත් වන රටක්. අපේ ඉදිරි අපේක්ෂාවත් එයයි.
මේ රටේ සියලු ජාතින් ශ්‍රී ලාංකිකයන් එකතු වී මේ රට ගොඩනැගිය යුතු බව අප මහනායක හිමිපාණන් වහන්සේලා හමු වූ අවස්ථාවේ උන්වහන්සේලා අප හා පැවැසුවා.
අප ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමාත් කීවා උතුරේ සංවර්ධන කටයුතු සඳහා සියලු දෙනාගේ සහාය ලබා දිය යුතු බව. මහනායක හිමිපාණන් වහන්සේලා ඉතා සුහදව අප සමග සාකච්ඡා කළා. උන්වහන්සේලා මේ තරම් සංවේදීව රටේ ප්‍රශ්න උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කර අවබෝධයෙන් පසු වීම ගැන අපගේ ප්‍රසාදය උන්වහන්සේලා වෙත පළ කරනවා. මේ රටේ සියලු ජනතාව සමගියෙන් සහජීවනයෙන් ආගමික සංහිඳියාවෙන් ජීවත් වනු දැකීම තමන් වහන්සේලාගේ එකම අපේක්ෂාව බව ද පැවැසුවා.
මහනායක හිමිපාණන් වහන්සේලා උතුරු නැගෙනහිර පළාත්වලට ගොස් ඒ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු අවබෝධ කරගත් බව ද අපට පැවැසුවා.
අප උතුරේ ජනතාවත් ඔවුන්ගේ නියෝජිතයනුත් දැනුවත් කිරීමට පියවර ගන්නවා.”
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිපාණන් වහන්සේ මෙසේ පැවැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සියලු ජන කොටස් අතර සමගිය, සහජීවනය සහ ආගමික සංහිඳියාව ගොඩනැංවීමට තම පූර්ණ සහයෝගය ලබාදී මනුෂත්වය වෙනුවෙන් ක්‍රියා කරනවා මිස තනතුරු සහ බල තණ්හාවෙන් සහ මහපොලව බෙදා ගැනීමට යුද්ද කිරීමෙන් පලක් නොවන බව සියල්ලෝම තේරුම් ගනිත්වා. මේවනවිට උතුරේ සිට දකුණට රටේ පුරවැසියන් ඇති බහුතරයක් මනුෂත්වයෙන් ක්‍රියාකර ගැටළු විසදා ගත හැකි බව තේරුම් ගෙන ඇත.
මේ මහා නායක හිමිවරුද ?මේගොල්ලන්ගේ කට අරින් නෑ හොඳ දේට " සක්කරයාටත් බෑ
උඩින් එකයි යටින් එකයි නැත්නම් සිංහල බෞද්ධ ජනතාව සමඟ සහෝදරත්වයෙන් ජීවත්වන එක අපහසු දෙයක් නොවෙයි. මේක අපේ රට කියලා හදවතින්ම හිතන එකත් ඉතහාසය විකෘති නොකර පිලිගන්න එකත් ඉතා වැදගත්. කපන්න බැරි අත ඉඹින්න යනවා සේ තවත් කපටි වැඩක් නොවේ වා යි පතමු.
වැඩේ බොහොම ලෙහෙසි රටෙන් 2/5 අපි ඉල්ලානේ නැහැ. රටේ නීතිය අපි සියළුම දෙනාට එකයි කියා අපි පිලිගන්නවා. කියලා ප්‍රසිද්දියේ ප්‍රකාශ කරන්න. ජෙප්පෝ වගේ ලේ සැලෙන විප්ලවයෙන් කරගන්න බැරිඋන වැඩේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් කොරගන්න හදනවාද? කොහොමත් අපිට හම්බයින් සමග ජීවත් වෙනවාට වඩා දමිළ යින් සමග ජීවත් වෙන්න පුළුවන්. ඒ එකිනෙකාගේ සංස්කෘතින්කිට්ටුවෙන් යන නිසා.
සුදු සරම් ඇඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ... නටපු දා එලිවන්නේ.. යටින් පුල්ලි පෙනෙන්නේ...
වෙනත් යටි අරමුණු නොමැතිව සත්භාවයෙන් කටයුතු කරනවානම් හොඳයි .දේශපාලකයෝ ගැන අපේ දැන් විශ්වාසයක් නැහැ .ඒ නිසා අපේ හාමුදුරුවරු මේ ගැන හොඳින් හිතා මතා තීරණ ගන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා
පසුව වුවද එකිනෙකාට ගෞරව කරමින් අප සියලු දෙනාම එක්ව කටයුතු කළ හැකි නම් ශ්‍රී ලංකාව මිහිපිට ජීවත් වීමට හොඳම රට බවට පත් වනු ඇත. සුබ පැතුම්!
දමිළ මිනිස්සු සමග අපේ වෛරයක් ඇතිවුනේ රටින් කොටසක් ඉල්ලීම නිසයි. එයටත් හේතු තිබෙනවා. එව්වා මෙතැන කථා කරන්න බැහැ. කොහොම නමුත් හම්බයින්ට වැඩියෙන් දමිළ මිනිස්සු විස්වාසයි. පෞද්ගලිකව ජෙප්පන්ට වඩා සංවරයි විස්වාසයි. රට බල්ලාට ගියත් දමිළයනි, ඔබලා ජෙප්පන්ට සපෝට් කරන්න එපා...