
(යොහාන් භාසුර)
දුරකථන සමාගම් දුරකථන ගාස්තු අද (5) සිට නැවත ඉහළ දමා තිබේ.
මෙම මස සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමට රජය පියවර ගැනීම හේතුවෙන් දුරකථන ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව දුරකථන සමාගම් පවසයි.
මෙම ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අදාල දුරකථන සමාගම් සවිස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
COMMENTS
සමාජ ආරක්ෂණ බද්ද කවුරු කාගෙන් ආරක්ෂා කරගන්නද? ඒවයින්ද කඳුළු ගෑස් උණ්ඩ ගෙනැල්ලා බදු ගෙවපු අපිටම තියෙන්නේ? මොවුන්ට කන බොන දේවල් යා දෙනවද?
කොහේද සමාජ ආරක්ෂණයක් තියෙන්නේ? සමාජය එන්න එන්නම තවත් පීඩනයට ලක්වෙනවා මිසක්...!
මෙහෙම ගාස්තු විටින්විට ගාස්තු වැඩිකළාම දුරකථන පාවිච්චි කරන සමාජය ආරක්ෂා වෙන්නේ කොහොමද මොට්ට මිනිසුනේ? දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙනවා කියලා තේරුම් ගන්න බැරිද?