
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
විනෝද චාරිකාවක යාමට සූදානම් ව දුරකතන ඇමතුමක යෙදෙමින් දුම්රිය මාර්ගය දිගේ ගමන් කළ තරුණයන් දෙදෙනකු වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වදුරුව ප්‍රදේශයේ පදිංචිව සිටී කවිෂ්ක ලක්මාල් නැමැති 18 හැවිරිදි තරුණයෙකු සහ එස්.ඒ.තිවංක නැමැති 19 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයන් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යාම උදෑසන ම සූදානම් වී වදුරව දුම්රිය ස්ථානය දෙසට දුම්රිය මාර්ගය ඔස්සේ දෙදෙනා පා ගමනින් ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
දෙදෙනා දුරකථන ඇමතුමක යෙදෙමින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ පිටුපසින් පැමිනි බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
COMMENTS
ලෝකයේම මිනිසුන් ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා. තැනක් නොතැනක් නෑ. ඔහේ එල්ලීගෙන ඉන්නවා. මේවා කාටත් ආදර්ශ. ආරක්ෂා සහිතව හැම දෙයක්ම භාවිතා කරන්නට තම තමන් වග බලාගත යුතුයි.
ස්මාර්ට් ජංගම දුරකථනයක් ගත්තාම සමහරක් රියදුරන් වාහනය පණගැන්වීම කළාට පසුව ප්‍රධාන මාර්ගයට ගන්න දුරකථනය කනේ තියාගෙන තමයි... අනුන්ට පේන්න එහෙම කරනවාද තේරුම් ගන්න බැහැ. කොහොම වුණත් අන්තිමේ ඇස්, කන් හා නාඩි ඔක්කොම ඒකට යොමුවෙලා ජීවිතය අවසන් වෙනවා...
බොහෝම කණගාටුදායක පුවතක්... දුම්රියේ ගැටී මියයන ගොඩක් අයවලුන් දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචි වෙන පවුල්වලින්.. ශුවර් එකටම ෆෝන් එකේ එහා කොනේ ගැහෙන පරාන 2ක් කොමල දාලා කතාකරනකොට මේ දෙන්නට ඉන්නතැනත් අමතක වෙන්න ඇති...
ඉතාම කණගාටුදායකයි...
ඇමතුමේ අනිත් අන්තයට එරෙහිව නඩු පවරමු...!
දුරකථනය කනේ ගහගත්තාට පස්සේ තැන නොතැන පේන්නේ නැහැ. මෙලෝ සිහියක් නැහැ. මේවා කාටත් හොඳ පාඩම්...!
හරිම කණගාටුදායකයි. තමුන්ගෙම නොසැලකිලිමත්කම නිසා සිදුකරගත්තු දෙයක්.. සිහිකල්පනාවෙන් කටයුතු කෙරුවා නම් ඔහොම වෙයිද? නිවන්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
කරුණාකර තමන්ගේ අදහස් දැක්වීමේදී මියගිය පුතුන් දෙදෙනාව පහත් කොට සලකීමෙන් සහ අගතියට පත් පවුල් වල අයගේ හිත් රිදවන ආකාරයේ ,තමන් හරි පොරක් බව ඒත්තු ගන්වන මෝඩ අදහස් වලින් වලකින ලෙස කරනා කාරුණික ඉල්ලීමකි මේ
දෙන්නටම එතරම් මොලයක් තියන පාටක් නැහැ
අනේ දෙවියනේ, ඇයි අපේ තරුණ පරපුරට මේවැනි අවදානම් තත්වයන් ගැන තේරුම් ගන්න බැරි
දුරකතන දෙකට වැඩිය කරදරයක් (damage) නැහැ මගෙ හිතෙ.
මොනතරම් කීවත් පලක් නෑ දුරකථනය භාවිතය ගැන අවධානයක් නැතිව ගිය කණගාටුදායක පුවතක්
මේ ස්මාර්ට් ෆෝන් ඒක විතර මේ රටේ තරුණ ජීවිත විනාශ කරපු තවත් දෙයක් නැතිව ඇති. තරුණ කොල්ලෝ කෙල්ලෝ මෙලෝ සිහියක් නෑ. අපේ අයට ස්මාර්ට් ෆෝන් එකක් ලැබුණා කියන්නේ වඳුරට කණ්ණාඩියක් අහුවුණා වගේ. මෙලෝ සිහියක් නෑ ඉන්නේ කොහේද කියලා අමතක වෙනවා. අනික දුම්රිය රියදුරෝ ඔහේ යනවා පාරක් බලන්නේ නෑ අලියෙක් හිටියත් යටකරගෙනම යනවා. පුදුම මිනිස්සු.