(නිමන්ති රණසිංහ)
මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ අද උදෑසන නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙක් ජනපති පොදු සමාව යටතේ අද නිදහස ලැබූහ. දුමින්ද සිල්වා මහතා සිටින්නේ ද මෙ සිරකරුවන් අතර බව ඔහු සදහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියට අදාළව දුමින්ද සිල්වා මහතාට මරණීය දණ්ඩනය නියම වූයේ ඉකුත් 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනිදාය.
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුලූ සිව් පුද්ගල ඝාතනය මුල්ලේරියාවේදී සිදුවූයේ ඉකුත් 2011 ඔක්තෝම්බර් මස 11 වැනිදා ය. එහිදී දුමින්ද සිල්වා මහතා ඇතුලූ 13 දෙනකු එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබිණී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් සර් පාස්... !!!
රාජපක්ෂලාගේ අවසානය..!!!
හොඳ නිවුස් එකක්..
මේ ජනාධිපතිගේ ධුර කාලය ඉවරවෙනකොට ලංකාවට කරන්න පුළුවන් ලොකුම විදියට කෙලවලා තමයි මෙයා යන්නේ.. ඔන්න බලන්න බොරුද කියලා.. පුලුවන් අය දැන්මම මේ රට දාලා යන්න විදියක් හොයාගත්තා නම් තමයි හොඳ..
කවදා පායන්ද අප දිනිසුරාණෝ...
නොකළ වරදකට අනවර්ථයේ දඬුවම් විඳින දුමින්ද අනිවාර්යයෙන්ම් නිදහස් කළයුතුයි. එය ඉතාම හොඳින් පැහැදිලි කරනු ලැබුයේ රාමනායක මහතාගේ දුරකථන සංවාදයි. ඔහුටද නිදහස දිය යුතුයි..
දැන් නම් සෙට්වෙලා තියෙන්නේ නියමෙටම...
වසලයින් රට පාලනය කරන විට මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.
නාමල් පාර්ලිමේන්තුවේදී ඊයේ කෙඳිරි ගාපු එකේ තේරුම මේක තමයි..
සර් ඒ 4ක්ම අරන් පාස්...!!!
ඊළඟට රංජන් රාමනායක.. ඔවුන් හිරබත් කන්නේ දූෂිතයින් නිසා...
කෙනෙකු හිරගෙදර ඉන්න එක හොඳයි කියා අප කියන්නේ නැහැ. ඒත්, රටේ පොදු නීතියට අනුව රටේ පවතින අධිකරණය දුන් දඬුවමක් දේශපාලකයෙකු විසින් ඉවත් කිරීම සැබෑ නීතියට හා සාධාරණත්වයට එකඟදැයි විමසා බැලීම වටී. ගරු අධිකරණයකින් දුන් තීන්දුවක් ඉවත් කරගත යුත්තේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් පමණක් වීමයි සිදුවිය යුත්තේ. මෙන්න මේ වගේ නීතිය දේශපාලකයින් තම අතට ගැනීමත්, ජාත්‍යන්තරව අපට හානිකර දෙයක්. මේ කරන්නේ තමන්ට අවශ්‍ය අයව එළියට ගන්න ඕනෑ වුණාම එය වහගන්නට තවත් පිරිසක් එළියට ගැනීමයි. දිගටම ඔහොම්ම ගිහින් බලමුකෝ.. ඔයිටත් වඩා වඩා කරපු අය මේ රටේ හිටියා. ඒත්, ඒ අයත් ආපසු ගියේ රෙදි නැතුවයි...
මේ අය ඔක්කොම එකයි. මම අහලා තියෙන විදිහට නම් මෙයා ගැන කියලා වැඩක් නැහැ... දැන්වත් මේ මනුස්සයා හැදුණොත් ලොකු දෙයක්... මෙයාට නෙමෙයි රටට..
පොසොන් පොහොය දවසේ ජනාධිපති මෙයාලාට සමාව දෙනවා නම්, එතකොට දේශපාලන කාලකණ්ණින් විවෙචනය කරලා කථාකරපු රංජන් රාමනායක ගැන ගන්න තීරණය මොකක්ද? දෙගොල්ලන්ම අවුරුදු 73ක් තිස්සේ මේ අය තමයි සෙල්ලම තමයි කලේ. හැමදාම පොඩි මිනිස්සු රවට්ටන එක තමයි කරන්නේ. දේශපාලකයින් පස්සෙ යන වහල්ලුන්ට හොඳ වැඩේ.
මටත් මුලින්ම හිතුනා දුමින්ද සිල්වා ඇතුලේ ඉනන එක හොදයි කියලා ආයේ පස්සේ එයා විතරක් ඇතුලෙ ඉන්නේ මොකටද හිතුනා
දැන් තමයි සර් හොදටම කරේ.
හැටනම ලක්ෂයේ පැතුම් ඉටුවෙමින් පවතී, බහුතරයකට ඕනැ කරන්නෙ මෙන්න මේ විදිහෙ සමාජයක්, මැර අශිෂ්ට පුද්ගලයො ඉන්න සමාජයක්, දැන් ඉතිං පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න වෙයි, මේ රටේ මිනිස්සු ඉපදෙන්නෙ පුරුවෙ පවකටද කොහෙද, පුදුම කලකිරීමක්.
කවුරු මොනවා කිව්වත්.අපි ආදරෙයි අපේ දුමින්ද සිල්වා මැතිතුමාට
කර්මය ඔබ පසුපස ගමන් කරනු ඇත, එකම තැන හතරදෙනෙක් මැරුව, එක්කෙනෙක් නෙමේ, මහින්ද මහත්තය අද රටේ ඉන්න තැනට එන්න භාරත ගොඩක් උදව් කළා, පව් හිරුනිකා, ඉක්මනට මේ රටෙන් යන්න,
මොහු දේශපාලන හිරකරුවෙක් බව නඩු තීන්දුවල පසු විපරම් වලදී හොඳින් ම පැහැදිලි වුණා. රන්ජන් හොඳම සාක්ෂි සපයා තිබෙනවා .
දුමින්දත් ආවා, බැසිලුත් ආවා. දැන් මොනවද අඩු? සෞභාග්‍යයේ දැක්ම...!!!
පොසොන් පොහොය වගේ දවසක මධ්‍යස්ථ සැදැහැවත් සාමයට කැමති මේ රටේ බුද්ධිමත් මධ්‍යස්ථ ජනතාවගේ අවංක හදවත් සලිත කළ මේ ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ලැබෙනවා නියතයි. එහෙම නොවුනොත් වැරැදි වෙනවා.
ලංකාවේ නීතිය ඔච්චරයි.. කඩේ ගියොත් ගොඩ...
දැන් එතකොට එක නීතිය අනිත් මරණීය දණ්ඩනය නියම වූවන්ට සමාව නැද්ද? මැරුනේ මහින්ද මහත්තයාගේ වෘත්තීය සමිති උපදේශක... අනේ පොසොන් පෝයනේ...
මේ පවුල බලයට ආවේ ඒ අයගේ නඩු, පාදඩ හොර නඩය බේරගන්න මිසක් රට හදන්න නෙමෙයි. මේ රටේ සමහරක් හාමුදුරුවරුනුත් රටේ ජනතාව රැවැට්ටුවා. රට නැත්තට නැති වුණා.
මේ යන තාලෙට දැන්නම් අදහස් පලකරන එක ටිකක් ඇඟට ගුණ නැතුව ඇති. කාරියක් නෑ. කියන්න තියෙන දේ කියලම ඉමු. කොහොමත් මෙච්චර කාලයක් හිරේ කීවට ජීවත් වුණේ බංගලාවෙනේ. එතකොට අර පොඩිකාලේ චොකලට් කාපු එක්කෙනාට සෙතක් නැද්ද?
අදම නේද තව එක්කෙනෙක් ආපහු ආවෙත්? දෙකම එකයි හැබැයි වෙනස්. අර මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම අවසන් කරන වැඩපිළිවෙල දැන්නම් ටක්කෙටම ක්‍රියාත්මක වෙයි ඔන්න. ආයේ දෙකක් නැහැ.
අපේ සර් අද ප්‍රභාකරන් හිටියත් නිදහස දෙනවා. එයාගේ හදවත මාදු මොලොක්නේ... බලන්න හෙට අනිද්දා සියලු සිරකරුවන් නිදහස් කරනවා. අපේ සර්ගේ වැඩ දන්නවානේ..
මෑණියෝ කිව්වේ කකුල් 4 හරකෙක් නිදහස් කරන්න කියලා... මොනවද මේ කලේ...?
දැන් හිරගෙවල් වල හිරකාරයෝ වෙලා ඉන්නේ ඔය ගොට්ට අල්ලපු නැති අය විතරයිද?
ඒ කතිකාවේදී පහට තුනක් ලෙස මරණ දඬුවම ඔහුට ලබා දෙන බවත්, පසුව ඇයට උසස් වීමක් අවශ්‍ය බවත් එම මැතිණිය පවසා සිටියා. හරි මා එය අගමැතිවරයාට පවසා එය ලබා දෙන බව ඒ මානව හිතවාදියා පවසා සිටියා. හඬපට වලින් එය සනාථ වුණා.
දෙයියෝ සාක්කි... පවුලේ සැමට 33 කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි..!!! දැන්නම් මට සතුටුයි මම හිරේ ඉන්න එක ගැන..
සර් අවසානයේ ලක්ෂ 69 ක අවසාන බලාපොරොත්තුව ඉටු කළේය. දැන් හැමෝටම සැපයි....
මේ සාප වලින් රට කවදා ගැලවෙයිද
අයේ රාජපක්ෂලා එපා දිපු ඡන්ද අපරාදෙ
මේ මරණීය දඩුවම එසේ මෙසේ එකක් නොවෙයි මහාධිකරණයෙන් තීන්දුව දුන්නා අභියාචනාධිකරණයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අනුමත කරපු තීන්දුවක්, එතකොට මෙයා සමග තවත් අයට මරණීය දණ්ඩනයට නියම උනා නේද ඒගොල්ලන්ට එතකොට ජනාධිපති පොදු සමාව නැද්ද? ඒ කියන්නේ ඒගොල්ලෝ වැරදිකරුවෝ මෙයා නිවැරදි කරු මරේ මරු
අද තමයි හොඳටම කරේ.
කුමට මෙරට නීතිය සහ විනිසුරන්
රජතුමා යුක්තියෙන් දේශය ස්ථාපිත කරයි, නමුත් අල්ලස් ලබාගන්නා තැනැත්තා එය පෙරළා දමයි. ශුද්ධ වූ බයිබලය
අනේ දැන්නම් මට ජනපති සමාව එපෝ
දැන් ලංකාවේ ආර්ථිකයට හොද කාලයක් යයි
තිරිවානා ගල් යට ගිහිල්ලා ගොමරිටි උඩ එන්නේ.. අභාග්‍යයේ පෙරනිමිති.
මම දැක්කා කවුදෝ ලියල තියෙනවා " දුමින්දාගමනය " ගැන... දුමින්ද සිල්වා යනු ආණ්ඩුවේ ඕනෑම හදිසියකදී කොළඹට ඕනෑම මොහොතක අවශ්‍ය තරමක් මහා සෙනඟක් රැස්කර දියහැකි ප්‍රභල සංවිධායක වරයෙකි " කියලත්... පොදු මහා ජනතාවට එපාවෙමින් යන ආණ්ඩුවේ ජනප්‍රියත්වය නැවත ගොඩ නැඟීම උදෙසා මේවගේ වැඩ කරනවානම් ඒකත් හරියට වැටුන වලෙන් ගොඩ එන්න වලේ පතුල හාරනවා වගේ වැඩක් කියලත් කවුදෝ කියනවා ඇහුණා. මේ ප්‍රවෘත්තිය සඳහා ලැබී ඇති ප්‍රතිචාර කියව්වොත් අවශ්‍ය සියලුම දෙනාට මේ කරපු වැඩේ හොඳද නරකද කියලා කාරණය සම්බන්ධයෙන් හොඳ අදහසක් ගන්නට පුළුවන් වේවි... ඒ ඉතින් ඇඟේ හයියෙන් ප්‍රශ්න විසඳාගැනීමට උත්සාහ ගන්නේ නැතුව නීත්‍යානුකූලව යමක් කරන්න හිතනවා නම් පමණයි. හරිද?
නන්දසේන පොසොන් පෝය දවසේ පිනක් කර ගත්තා මරන්න නියම වෙලා හිටපු කෙනෙක් නිදහස් කරලා...
අල්ලා ගත්තු කුඩු ගොඩ ගැහිලා හාමුදුරුවනේ. ඕවා තියාගෙන ඉඳලා මොනවා කරන්නද ඉතින්...? මේ වැඩේට හොඳම කෙනා එළියට ගත්තා එච්චරයි.
මම මේ බැලුවේ ඇයි අපේ හිරුණිකා ප්‍රකාශයක් නොකළේ කියලා... බලනකොට තාවත් බඩේ අමාරුවට වැසිකිළි ගිහිල්ලාලු...
කො මේ කැ ගහන සෙට් එක
මේ රටේ විනාශයට ජේ ර් ගේ 78 විවස්තාව තමයි හැරවුම් ලක්ෂණය. ඔහුගේ විවස්තාවෙන් පසුව තමයි මේ රටේ දුෂණ, අපරාධ වැඩි වුනේ. ඔහුගේ විවස්තාවෙන් දුෂිතයන්ට, අපරාධකරුවන්ට රැකවරණ නොකඩවා ලබනවා. ඔකේ ප්‍රතිපල තමයි අද මෙයා නිදහස් වෙන්නෙත්. ඔ විවස්තාව නිසා ප්‍රේමදාසගෙන් පසු අද වැනතුරු UNP එකට තමන්ගේ පක්ෂයෙන් ජනාධිපති කෙනක් පත් කරගන්න බැරි වෙලා ඉන්නේ.
මේ පොසොන් දිනේ 69 ලක්ෂය කුසුම් පිපේ
සොබාව ධර්මය මේවට දඩුවම් දෙනවා නියතයි
අලුගෝසුවාගේ රස්සාව නන්නාදුනන තුවක්කු කරුට බාරදීමට කාලය ඇවිත්.
රාජපක්ෂ නම ගෑවුන කෙනෙක්ට අපේ චන්දය කවදාකවත් ලැබෙන්නේ නැත.
ගණන් ගන්න එපා.අද අගමැතිතුමා සිල් සමාදන් වෙලාලු.ඉන්න රටකුයි හිට්ලර් කෙනෙකුයි ඉල්ලලානෙ කට්ටිය පොරකෑවෙ.දැන් දෙන දෙයක් බාරගෙන කිරිබත් කාල ඉන්න තියෙන්නෙ .
ඕවා මොනවද? රෝයල් පාර්ක් එකේ මිනීමරුවත් නිදහස් කළේ..!!!
මේ වගේ රටක් ලෝකෙම නැතුව ඇති .
මහදිකරණ අභියාචනාධිකරණයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ රටට වැඩක් නැති කඩවල් ටිකක් කියල රට බාර දෙවියාම පෙන්වා දෙමින් සිටි. ඒ විතරක්ද හරි දේ සියයට සියයක්ම කරමි ද සිටි.
ජනාධිපතිතුමා, අපේ රටේ බාල පරපුරට ඉතාම හොඳ ආදර්ශයක් ලබාදී තිබෙනවා. එක අතකට ඉතින්, ලංකාව වගේ රටක මිනීමරණ එක මහා වරදක්ද? ඔය වගේ සුළු වැරැද්දකට ඔය විදිහට මරණ දණ්ඩනය දීම කොතරම් අසාධාරණද? දුමින්ද සිල්වා වැනි මහත්වරුන්ගෙන් මේ රටට කොතරම් සේවයක් ලබාගත හැකිද? එතුමන්ලාව ආදර්ශයට අරගෙන ජීවත් වෙන තරුණ හා බාල පරපුරක් නිර්මාණය කිරීමට තමයි අපි අපේ නායකයින්ට සහයෝගය දිය යුත්තේ. පාසල් පෙළපොත් වලට මෙවැනි වීරයින් පිළිබඳ විස්තර ඇතුළත් කළ යුතුයි. ඒ වගේම පොසොන් පොහෝ දිනයේ නියම අර්ථය ලෝකයටම පහදා දෙන්න මේක හොඳ අවස්ථාවක් ගත්තාට, ගරු ජනාධිපතිතුමාට මාගේ ප්‍රණාමය..!!!
මේවා කරන්න තමයි 69 ලක්ෂයක් එකතුවෙලා පොහොට්ටුවට ඡන්දය දුන්නේ... මේ අවුරුදු 5 ඉවර වෙනකොට රටක් ඉතුරුවෙයිද දන්නේ නෑ...
ඔන්න සර් ආවාට පස්සේ එක වැඩක් කළා. නීතිය හැමෝටම එකවිදියට ඉෂ්ඨ කළා. එතුමාගේ මව්තුමිය මතක් කර පිං දුන්නෙමි.
වීරයා එළියට ඇවිත්? වඩිනකොටම අපි හිතුවේ මල් මාලයක් එහෙම දාලා පිළිගනියි කියලා..
"මිතුරු තුමෝ දුක් සැප දෙකෙහිම පැවතී බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති"
ගොඞක් හොද තීරනයක්, අපි බලාපොරොත්තූ උන හැමදේම ගොඩ
සර් තමයි හොඳටම කලේ...
මෙරට ටීවී චැනල් එකකට කළහැකි දේ බොහෝයි.ජයමහට පොදු සමාව දීපු එක, අධිකරනයේ අභියෝගයට ලක්කරලා නඩුවක් යනවා නේද? කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරුවන්..?
කුඩු සංගමයයි, කුඩු මාෆියාවයි.. එයාලා ආයෙත් එළියේ. කුඩ්ඩා ගොඩ... ජනතා පරමාධිපත්‍යය කුඩේකුඩු..
මෛත්‍රී මීට වඩා දස ගුණයක් හොඳයි දැන් බලද්දි. මෛත්‍රී වගේම මෙයත් අන්තිමට බුද්ධි අංශයට දොස් කිව්වේ කොරෝනා වැඩ වැරදුණාද? හරියට අපි බුද්ධි අංශය පත්කළා වගේ... ආයේ බෝම්බ පිපුරුවත් ඔච්චරයි. කොටින්ම කොන්දක් නෑ.
දුමින්ද සිල්වාත් සමග එල්ටීටීඊ කට්ටියකුත් නිදහස් වෙලා. ඒකට කමක් නැද්ද?
චොකා මල්ලිත් ළඟ ළඟම එනවා.
දැන් කියයි GSP නැතිවෙන හින්ද මේ අපරාධකාරයෝ ටික නිදහස්කරා කියලා. රටකට ගිය කලක්!
මේ සිද්ධියත් එක්ක කේන්ති ගොස් සිටින නෝනා මහතුන් කොහේද හිටියේ? හිටපු ජනාධිපතිතුමා අර ජයමහ ළමයාව නිදහස් කළ වෙලාවේ..
එතකොට අර තට්ටු ගොඩනැගිල්ලකදී ඝාතනයක් සිදුකළ අයෙකුත් නිදහස් කළා නේද? යහපාලනේ ඒකෙත් වැරැදිය. මොකෙත් වැරැදිය කියමුකෝ...!!!
මේ මරණීය දඬුවම එසේ මෙසේ එකක් නොවෙයි. මහාධිකරණයෙන් තීන්දුව දුන්නා අභියාචනාධිකරණයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අනුමත කරපු තීන්දුවක්.., එතකොට මෙයා සමග තවත් අයට මරණීය දණ්ඩනයට නියම වුණා නේද?
සිරිසේනගේ යහපාලනය නිදහස් කිරීම එහෙම කමක් නැතෙයි. ඔලුව 20 පාරක් පොළවේ ගහපුවාමත් නිදහස් කළාට කමක් නැතෙයි.
සමාව දීපු අයගේ මවත් මතක් වුණා මට...
දේශපාලනයෙන් සිරකොට දේශපාලනයෙන් නිදහස් කරන ලදී... !
මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන් විනාශ කළේය. ඉන්පසු රට විනාශ කළේය. දැන් ජාතිය සහ ආගම විනාශ කරමින් සිටී. ඔහු මියයනු ඇත්තේ ඔහුගේ පවුල සහ චීනය ද විනාශ කර බවට සැකයක් නැත. දුමින්ද සිල්වා බැරි නම් ඕනෑ එකෙක් සමග රාජපක්ෂලා නිදියාගත්තද අපට ප්‍රශ්නයක් නැත. එහෙත් ඒක කරගත යුත්තේ ඒ අයගේ ගෙදර දීය. වැඩිකල් නොගොස් මහින් ද සහ පවුලේ වයෝවෘද්ධ සියල්ලට මහ ගෙදරදී " දැන් සැපද?" යන ප්‍රශ්නයට පිළිතුරු බැඳීමට සිදුවනු ඇත...
මල්ලිත් ජනේලේ එල්ලෙන්න හදන බව පැහැදිලියි..
ප්‍රේමලාල් ජයසේකර නිදහස් කරන්නේ කවදාද?
ඇත්තටම මේවට කමෙන්ට් දාලා වැඩකුත් නෑ. පුලුවන් කෙනෙක් මේ රටින් පිට වෙලා යන එක තමයි කරන්න පුලුවන් හොඳම වැඩේ. කොහොමත් නන්දසේන ජනාධිපති කලේම ඔය වැඩේ කරගන්න මිසක් රට බේර ගන්න නෙමෙයි. භාරත ලක්ෂමන්ව තර්ජනයක් වුණු කෙනෙක් තමයි තිරය පිටිපස්සේ ඉන්නේ. එයාට ලංකාව කියන්නේ බිස්නස් එකක් විතරයි. එනවා යනවා එනවා යනවා එනවා යනවා...දන්නෝ දනිති....
පොහොට්ටුවට සුදුසුම තේමාව "වසල පාලනයක්, චීන ගැති රටක්"
හිරු නාලිකාවේ උත්සාහය කැපකිරීම අද දුමින්දාගමනයත් සමග සාර්ථකත්වයට පත්වී ඇත. පසුගිය කාලයේ හිරු මාධ්‍යවේදි චමුදිතගේ හැසිරීම් ඉදිරියේ මෙම තත්ත්වය අනුමාන කරන්නට අපට හැකිවිය. මෙම නිදහස් කිරීම අනුමත කරන කවරෙක් නමුත් අවස්ථාවාදි නරුමයින් වශයෙන් අපි සලකමු. දූෂිතයින්, මිනීමරුවන්, කුඩුකාරයින් නිදහස් කරගනිමින් මැතිවරණයට වියදම් කළ ගජමිතුරන් සතුටු කිරීමට පත්වුණු රජයක් මේ මොහොතේ අපි දකින්නෙමු...
මේ රට ජීවත් වීමට සුදුසු රටක් නොවේ.
මේ වගේ රටක ඉපදීමට ලැබීමත් කණගාටුයි..!!!
මේ රාජපක්ෂලා එලවලා දමනකම් රටට සහ ජනතාවට වන සෙතක් නැත...
මේවාට හාමුදුරුවෝ වගකිව යුතුයි...
ඉස්සර ජේ.ආර්. ඝාතනය කරන්නැයි බස්වල, තාප්පවල පෝස්ටර් ගහලා තිබ්බා අපි චූටිකාලේ දැක්කේ.. දැනුත් එහෙම යුගයක් උදාවෙමින් තියෙන්නේ. හරිම කණගාටුයි අපේ අනාගත පරම්පරාව ගැන... ඒ අය අනාථයි.