
(යොහාන් භාසුර)
උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
ඔන්ලයින් ක්‍රමවේදය හරහා තවමත් අදාල ජාවාරම ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බවත් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ආසන අවසන් වීමට පෙර එම දුම්රියේම මහනුවර සිට නානුඔය දක්වා ආසන සියල්ලම අවසන් වූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.
COMMENTS
ජාතික හැඳුනුම්පත ට ආසන වෙන් කරලා ඒක වෙනස් කරන්න බැරි වෙන්න හදන්න. ඒක සාමාන්‍ය ජනතාවට කරදරයන්. නමුත් තක්කඩි හැම තැනම.
මේවගේ කාලකන්ණි එක්ක කොහෙද මිත්‍රයා රට හදන්නේ ? මුන්ව කොවක දාල මකන්න ඕන නැත්නම් කොන්ද පණ ඇති පාලකයෙක් ඕන. ටිකට් බූක් කරත්දී මගියාගේ නම සඳහන්කරන්න ඉඩක් සලසන්න. එම මගියාට හැර වෙනත් අයෙකුට අදාළ ටිකට්පත භාවිතාකරන්න ඉඩ නොදෙන්න. ඉබේටම මේ මාෆියාව නවතීවි . ප්‍රශ්නේ තියෙන්නේ මේ වැඩේට දුම්රිය ඇතුලේ අයත් සම්බන්ද නිසා ප්‍රශ්නය විසඳන්න උවමනාවක් ඇත්තටම තියෙනවද කියල සැකයි.
යකෝව් මාර ලංකා වක්නේ බං. අපි මොක්කුද බොල.
ඒක වෙන විදිය පැහැදිලි කරන්න ප්ලීස් ...
හැඳුනුම් පත් අංක දානවද... එහෙම වුනානම් මේක වෙන්න බැහැ .
අන්සතු කිරීම නොහැකි වනසේ ප්‍රවේශ පත්‍ර නිකුත් කළා නම්, ........................ භාවිතා කරන අයගේ විස්තර ඇතුළත් කළොත්, රාජ්‍ය සේවකයින්ට වාර්ෂිකව නිකුත් කරන බලපත්‍රමෙන් (Railway Warrants)
දුරකථන අංක, වෙරිෆිකේෂන් මොකුත් නැද්ද ඕකේ?
මේකට ඇතුලේ අයත් සම්බන්ධ ඇති... ඒකයි මෙච්චර ජනමාධ්‍යවලිනුත් පෙන්නලා මේක නවත්වන්න වුවමනාවක් නැත්තේ අර කියනවා වගේ ID එකට හදන්න පුළුවන් ඇතිනේ. තාක්ෂණය භාවිතා කරලා ඔයිට වඩා දේවල් කරනවා. ඒකට අපේ අය වංචාවල් වෙනවා කිය කියා කෑ ගගහා ඉන්නවා. වුවමනාවක් නෑ නවත්වන්න. කාලකණ්ණි මිනිස්සු ඉන්න රටක්...
නියෝජ්‍ය ඇමැතිතුමා ප්‍රශ්නය පැහැදිලිව තේරුම් ගත් බවක් ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලි වුනේ නැහැ. එයා හිතාගෙන ඉන්නේ මේක උඩරට දුම්රිය මාර්ගයේ විතරක් වෙන වැඩක් කියලා. නමුත් සැබෑ තත්ත්වය නම් සියළුම සීඝ්‍රගාමී දුම්රියවල මේ තත්වය අඩුවැඩි වශයෙන් දකින්නට පුළුවන්. ඒ වගේම විදේශිය සංචාරකයින් සඳහා අදාල සංචාරක ව්‍යාපාරවලට දුම්රිය ප්‍රවේශ පත්‍ර අවශ්‍ය නම් ඒ සඳහා අදාල සංචාරක සමාගම් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා ඔවුන්ට අවශ්‍ය ආසන ප්‍රමාණය වෙනම වෙන්කරවා ගැනීමේ පහසුකම් සැලැස්විය යුතුයි. එය ශ්‍රී ලාංකීය සංචාරකයින් සමග එකම මෘදුකාංගයකින් ලබා ගැනීමට යාමෙන් තමයි රටේ දූෂිතයින් මේක අවස්ථාවක් කරගන්න සමත්වෙලා තියෙන්නේ...
දුම්රිය යනකොට ආසන හිස්. එසේම දවසකට ඉස්සෙල්ලා නැතිනම් උදේට බලද්දී සීට් විවෘත වෙනවා... සමහර දුම්රිය සේවකයින් වොරන්ට් වලට අන්තිමට යන ගානට වඩා වෙන්කර ගන්නවා. ඒවා ගැනත් සොයා බලන්න.
රාජ්‍ය පාලනය ආණ්ඩුව අතින් ගිලිහෙමින් ඇත! රටට අවශ්‍ය වන්නේ "ජාතික නායකයික්" මිස සහෝදරයන් නොවේ - සහෝදරයින්ට නායකයින් වීමට අවස්ථාවක් ඇත!
මේකවත් නවත්තගන්න බැරිනම්, ඉතින් අනෙක් දේවල් ගැන කවර කතාද ?
මේ ජාවාරමට ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති වල අයත් සම්බන්ධ ඇති. ඒ නිසා මේක ඒ විදියටම කරගෙන යන්න ඉඩ දෙනවා ඇති.
සහෝදර සහෝදරියෝ රට ආණ්ඩු කලාට රට පාලනය තවමත් දූෂිත නිලධාරීන්ගෙ අතින් ගිලිහී නැති බව ඉතා පැහැදිලිව පෙනේ. මේ මොන්ටිසෝරි දේශපාලුවන්ට ඉගෙනගන්න තව කොච්චර කල් යයිද. ඒ වෙනකොට කෝච්චිය යයි අපි එතනමයි.
වැඩි දිනක් පවතින්නේ නෑ... ඔය ක්‍රමය ඉක්මනින් වෙනස් වෙයි. ක්ලීන් ශ්‍රී ලංකා...!
ටෙන්ඩරයක් දා ගන්න බැරි, හාල් පොල් ටික දෙන්න බැරි මලිමාන්ඩුවට මෙවැනි දේ නතර කර හැකි යයි කෙසේ සිතන්න ද!
කරුණාකර අවුරුදු 76ක් රටේ පාලනය කරපු දේශපාලුවො අතේ පමණක් වරද තියාගෙන අහිංසකම පිරිසක් වන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දොස් කියන්න එපා පව්...!