
(අංජුල මහික වීරරත්න)
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංගල් සුබපැතුම් පණිවිඩයෙන් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි.
“අස්වනු නෙලීමේ උත්සවය” යන අරුත් ඇති තෛපොංගල් උත්සවය ලොව වැසි සියලුම දෙමළ හා හින්දු ජනතාව මහත් භක්ති පූර්වකව සමරන්නකි. සශ්‍රීක වූ අස්වැන්නකට දායක වන සූර්යයා, මිහිකත, වර්ෂාව සහ ගව-මහීෂාදීන් වෙත ස්තූති කරමින් කෘතගුණ දැක්වීම මෙදින කාර්‍යයයි. මෙම උලෙළ පැවැත් වෙන්නේ දෙමළ දින දර්ශනයට අනුව ‘තායි’ මාසයේ පළමු දින ය. සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම, එනම්, ‘උත්තරායනය’ ඇරඹෙන්නේ තෛපොංගල් දිනයෙනි. නව දිශාගත වීමක් මෙන්ම මිනිස් සමාජයෙහි අභ්‍යන්තර-බාහිර සහජීවන පැවැත්මද තෛපොංගල් උත්සවයෙහි අත්‍යාර්ථ වේ.
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වැඩිවර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්, පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක, තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණකි. ඓතිහාසිකව ගොඬනැඟුණු ආසියානු වටිනාකම් තුළ මිනිසා හා පරිසරය අතර බැඳුම අවියෝජනීය එකකි. තෛපොංගල් දිනයෙන් ප්‍රකාශිත එම වටිනාකම් මෙම ව්‍යාපෘතියෙහි සමෝධානිතය. එසේම තෛපොංගල් සැමරුම මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයෙහි ලා නවමු බලාපොරොත්තු අවදි කරන්නකි. රට තුළ ජනිත නව උද්‍යෝගයත් සමඟ "ලස්සන ජීවිතයක" බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකික අප සැමට අවස්ථාව උදා වී තිබේ. ඒ උදෙසා වූ පරිසර හිතකාමී සංවර්ධනය පෙරටු කරගත් ආචාර ධාර්මික නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කිරීම ඔස්සේ තිරසර සාමය හා සමඟිය ප්‍රවර්ධනය කිරීමට අවැසි ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික නායකත්ව වගකීම සහ වගවීම අපි දරන්නෙමු.
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට ප්‍රතිඥා දෙමින්, රටේ වගකිම භාර ගත් අපි, එම ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට බාධක මැද වුවද පසු නොබස්නා වීර්යෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් කැප වී සිටින්නෙමු. මෙරට ජනතාවගේ මුවෙහි සදා රැඳෙන සිනහවක් තිළිණ කිරීම පිණිස වූ මේ ව්‍යායාමයේදී නව ආකල්ප හිස් දරා එකාවන්ව සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් මුළු බැඳීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරමි. ඒ සුභාරම්භය සඳහා මෙම තෛපොංගල් සැමරුම මහත් ආශිර්වාදයක් වේවා'යි මම ප්‍රාර්ථනා කරමි.
සියලු ශ්‍රී ලාංකික සහ ලෝකවාසී හින්දු බැතිමතුන්ට, සහජීවනයෙන් හා කෘතවේදීත්වයෙන් වර්ණ ගැන් වූ සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයක් වේවා !
COMMENTS
දුන් ප්‍රතිඥා ඉටුකිරීමට කැපවී සිටින බව කිව්වට, තවම ජනතාව පැත්තෙන් බලද්දී නම් ඒ බවක් පෙනෙන්නට නෑ. දුන් ප්‍රතිඥා ඉටුකිරීම කෙසේවෙතත වෙනත් වෙනත් දේවල් නම් කරන බව පේනවා. මොනවා කරන්නද, බලා සිටිනු හැර.
අම්මෝ අපිට පේනවා. ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ."
ඉටුකරන නිසාද තයිපොංගල් කන්න හාල් ටිකත් නැතිකලේ? අනේ , ඔබ වගේ කයියානායක වාචාලයකු. බොරුවෙන් මිනිස්සු රැවැට්ටුවා. ඔබට මේ කළ දේ නම් පලදෙන එක පලදෙනවමයි."
මේ මොකට කියනවද. දැනටමත් අපි සිතපු කියපු දේවල් නම් ඉෂ්ට සිද්ධ වෙලා ඉවරයි
පලවෙනි පඩියෙන් කාර් ගන්න හිටපු කට්ටිය ට නම් දීපු ප්‍රතිඥාව ඉටු කරා
මේවා ඉතින් ලස්සන රචනා. කවදත් අපි ගොඩක් නායකයින්ගේ රචකයින් අතින් ලියැවුණු රචනා කියවලා සතුටු වුණා. දැන් නම් උපේක්ෂාවෙන් බලා ඉන්නෙ කරලම පෙන්වනකම්. විදුලි බිල නමු තව අවුරුදු තුනකින් කිව්වනෙ. තව බොහෝ දේ ඇත
Signal AD එකකට වගේ හිනා වෙවී ඉන්නේ නැතුව දැන් කරන මගුලක් කරපල්ලකෝ ඉතින්...
අපි නොදන්න චෙස්
අසව් අසව් මෙන්න තවත් පචයක්
අලුත් ආණ්ඩුව පත්වෙලා මාසයක් තමයි ඉවර... ඒ වුණාට බයියන්ට රට හදන්න තියන හදිස්සිය අදහස්වලින් පේනවා.
බත් කන දවස් ගාන හතෙන් පහට බස්සපු මනුස්සයා මෙහෙම කියන්නේ. අනේ මේ අවුරුද්දේ ලයිට් නැතුව ඉන්න නොලැබේවා. බයිසිකලෙන් වැඩට යන තත්වයක් ඇති නොවේවා. දරුවන්ටවත් හරියට තුන් වේල කන්න දෙන්න ලැබේවා. ඒකයි අපේ නම් පැතුම.
ෆෙයාරූස් අවුරුදු පහක කාලය වුවද ඇත. ටික කලක් බව පෙනේ
දුක් වින්ඳ අවසන් පෝය පහුඋනා මිත්‍රවරුනි
ප්‍රතිඥා ව යනු තවත් පොරොන්දුවක් පමනි.එයද වචනයට සීමා වීමට ඉඩ ඇත. මැතිවරනවලදී විදේශ රැකියා කරන්නන් තම වියදමින් පැමින මාලිමාවට චන්දය දුන්නේ දුන් පොරොන්දු ඉටුවනු ඇත කියා විශවාශයෙනි.ජනතාවට විශාල බරක් වූ හිටපු ජනපතිවරුන්ට ලබාදී ඇති සියලු වරප්‍රසාද අහෝසි කරන බවත්,ඔවුන්ට දී ඇති නිල නිවාස (කොලබ 7) සංචාරක මන්ඩලයට ලබා දෙන බවත් කීවේය. එහිදී ව්‍යාවස්තාවෙන් ඇති බාදා නැති කිරීමට ව්‍යවස්තාව සංශෝදනය කිරීමට 2/3 බලයද ලබා දුන්නේය. දැන් ඒ ගැන නිහඩය.. මහබැංකු කොල්ලය ,සීනි බදු වංචාව,වෙනත් බොහෝවංචා සම්බන්ද ව නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම පොරොන්දු කඩ කිරීමකි.රංජා කීවා උන් ඔක්කොම යාලුවො මල්ලී, හොරු අල්ලන්නෙ නැහ කියා. එය ඇත්ත බව පෙනේ.වත්මන් නායකයන් අද විදින සම්පත් ලබා දුන්නේ ජනතාවය.කුමක් හෝ මී ලග චන්දයේදී ජනතාව දැඩි පියවරක් ගන්නවා නියතය.1950/60 දශක වලදී පැවති රජයන් විසින්ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්බ කර නොයෙකුත් ජනතා සේවාවන් ජනතා සහබාගිත්වයෙන් ඉටු කරන ලදී. අද එය ඉංග්‍රීසි නමකින් ( Clean Sri Lanka) නමින් ආරම්භ කර ඇත.එහෙත් එම කටයුතු කිරීමට ආයතන ඇත.ජනතාවට දැවෙන ප්‍රශ්න ඇත. පොරොන්දු ඉටු නොවීම කනගාටුවකි.
මේ කමෙන්ට් දෙස බලද්දී මේ ජනතාවාදී රජයට ඡන්දය පාවිච්චි නොකල වංක දූෂිත ප්‍රෝඩාකාරී හොර තක්කඩි හිටපු දේශපාලුවන් පසුපස ගිය හුදු පෞද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් කටයුතු කරන මජර බත්බැලයන් පිරිසක් එකතුවී කිසිදු පදනමක් නැතිව කරන හිස් ප්‍රකාශ බව හොදින්ම තේරුම්යයි.අපි මේ රජය පත්කරගත්තේ වසර ගණනාවක් සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කරපු රට, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විනයගරුක,නීතිගරුක සෑම අතකින්ම දියුනු සංවර්ධිත රාජ්‍යක් මේ රටේ බිහිකීරීමේ ඒකායන බලාපොරොත්තු ඇතිවයි. අද ජනතාවාදී අවංක අදූෂිත පාලනයක් බිහිකරල ඉතාම සාර්තකව රටේ ගැටළුවලට විසදුම් සොයමින් රටේ මධ්‍යකාලීන හා කෙටිකාලීන සැලසුම් අනුව අවංක ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ රට ඉදිරියට මෙහෙයවන සැටි හා දූෂිතයන්ගේ පදනම්විරහිත මඩප්‍රචාර ජාලයන් හමුවේ.ජනතාව නොමග යාමට නොදී නිසි පිළිතුරු දෙමින් සිටින් උගත් බුද්ධිමත් අවංක දේශපාන නායකයන් දෙන ආදර් ශ පිළිබඳ සෑහීමකට පත් වෙමිනි.
කවදා ද ?
CC ගවයට ජෙප්පෝ විතරයි හොඳ. අනික අය ඔක්කොම වංකයි. එතකොට කවුද හොඳම ටොම් පචයා?