
(නිමල කොඩිතුවක්කු)
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ඒ අනුව බදුල්ල, නුවර, කෑගල්ල, නුවරඑළිය, කුරුණෑගල, සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව සඳහා සඳහා හෙට (9) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd