IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


දියණිය දීනූ රන් පියාණන්ට පළඳවයි

(මොහොමඩ් ආසික්)

ඉන්දියාවේදී පැවැති 2025 ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස කිරුළු  සාෆියා යමික් ක්‍රීඩිකාව පිළි ගැනීමේ උත්සවයක් ඇය උපන් මහනුවර කටුකැලේ සිය ගම් ප්‍රදේශයෙදී අද පැවැත්විණි.

තමන් උපන් මහනුවර කටුකැලේ සිය ගම් ප්‍රදේශයට ඇය පැමිණෙන අවස්ථාවේදී ඇය පිළිගැනීම සඳහා චාම් එහෙත් ගාම්භීර උත්සවයක් ප්‍රදේශවාසින් විසින් සංවිධානය කර තිබිණි.

මෙම පිළිගැනීමේ උත්සවයට මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම පිළිගැනීමේ උත්සවයේදී සෆියා තමන්ට හිමි වු රන් පදක්කම් පියා වූ ජේ.එම්. යාමික් මහතාට,මවට ද පුහුණුකරුට පැළඳවීමටද පියවර ගත්තාය.

 



අදහස් (6)

දියණිය දීනූ රන් පියාණන්ට පළඳවයි

swene Wednesday, 29 October 2025 06:05 AM

ජාති, ආගම්, කුල ආදී භේද නොසළකා, සුදුස්සාට, දක්ෂයාට තැන දීමෙන් රටම දිනවිය හැකියි. චන්දය භාවිතා කිරීමේදීත් ජනතාව එම වගකීම ගැන සිතීම ඉතා වැදගත්.

:       0       8

රනේ Wednesday, 29 October 2025 06:18 AM

රටේ දිරිය දියනියට අපේ සුභ පැතුම්!

:       0       8

DAMMASIRI THERO Wednesday, 29 October 2025 07:17 AM

සාඵියා දියනියට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.

:       0       6

Perera Wednesday, 29 October 2025 07:56 AM

සුභ පතම්. කලකට ඉහතදි සුසන්තිකා කියලා කෙනෙකුවත් ඔයිට වඩා හරසරින් පිළිගත්තා, හැබැයි අද වන විට සුසන්තිකාට මොකක් වුණාද කියලාත් කවුරුවත් දන්නේ නෑ. ක්‍රීඩා හොඳයි, හැබැයි අධ්‍යාපනයට මුල් තැන දෙන්න.

:       1       3

Senarath Wednesday, 29 October 2025 08:40 AM

ඇත්තටම ඒ තාත්තා ඒ පැළඳවීම ලබන්න සුදුස්සෙක්. බාධක මැද ලොකු අවදානමක් ඇරගෙන, තමන්ගේ දුව මේ වගේ තරඟ ඉසව්වකට සූදානම් කිරීම ලේසි පහසු දෙයක් නෙමේ.

:       0       7

Bunny Preena Wednesday, 29 October 2025 09:10 AM

බලන් කඩතුරා හැර දෑසේ

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1612 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1390 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 493 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site