
(දිනේෂ් සමරකෝන්)
දිට්වා සුළි කුණාටුවත් සමඟ දිවයිනට බලපෑ අපදා හේතුවෙන් නිවාස එක්ලක්ෂ දහඅට දහස් දෙසීය හැත්තෑ හතරකට( 118,274 ) හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එහිදී නිවාස 6,164කට පූර්ණ හානි සිදුව ඇති අතර, තවත් නිවාස එක්ලක්ෂ දොලොස් දහස් එකසීය දහයකට ( 112,110 ) අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
වැඩිම නිවාස හානි සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර, එහිදී නිවාස 2,013කට පූර්ණ හානි සහ තවත් නිවාස 14,562කට අර්ධ හානි සිදුව තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 632කට පූර්ණ හානි සහ තවත් නිවාස 21,137කට අර්ධ හානි සිදුව ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 768කට පූර්ණ හානි සහ තවත් නිවාස 3,746කට අර්ධ හානි සිදුව තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද ආපදා හේතුවෙන් නිවාස හානි සිදුව ඇති අතර, එහිදී නිවාස 596කට පූර්ණ හානි සහ නිවාස 4,817කට අර්ධ හානි සිදුව ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 587කට පූර්ණ හානි සහ තවත් නිවාස 7,934කට අර්ධ හානි සිදුව තිබේ.
මීට අමතරව ආපදා තත්වය හේතුවෙන් , කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 265කට පූර්ණ හානි සහ තවත් නිවාස 13,517කට අර්ධ හානි ද, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 256කට පූර්ණ හානි සහ තවත් නිවාස 8,825කට අර්ධ හානි ද, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 247ක පූර්ණ හානි සහ තවත් නිවාස 3,773කට අර්ධ හානි ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 245කට පූර්ණ හානි සහ තවත් නිවාස 3,058කට අර්ධ හානි ද , පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 157කට පූර්ණ හානි සහ තවත් නිවාස 4,124කට අර්ධ හානි ද, අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 111කට පූර්ණ හානි සහ තවත් නිවාස 509කට අර්ධ හානි ද සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිට්වා නිවාස එක්ලක්ෂ දහඅටදාහක් බිලිගනි
සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 14 December 2025 05:58 PM
මේ සංඛ්‍යා දත්ත නිවැරැදි නම් (අවම වශයෙන් 90%) ආපදා සහන දෙන්න ලෙහෙසියෙන්ම යොදා ගන්න පුළුවන්. ඒ තුළින් ආපදා සහන දීමනා ලබා දෙන රාජ්‍ය නිලධාරින් හා ඒ සම්බන්ධ අනිකුත් නිලධාරින් මුහුණ දෙන ගැටලු අවම කරගත හැකිවන අතර සහන ලබාගන්නා පුද්ගලයන් ද අපහසුතාවට පත්වීම් ද (අනවශ්‍ය තොරතුරු ඉල්ලීම වැනි) අවම කරගත හැකිබව මගේ හැඟීමයි.
රසික Tuesday, 16 December 2025 04:24 PM
මුලු ලංකාවටම රක්ෂණයක් දාන්න වෙයි වගේ...