IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දොළොස්දාහක බිලටත් මන්ත්‍රී ජගත් කුමාරගේ ලයිට් කපලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි  මහතා  පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

තමාට ගෙවීමට තිබුණේ රුපියල් දොළොස්දාහක බිලක් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විදුලිය දැනුම් දීමකින් තොරව විසන්ධි කරන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ නිවෙස් වල විදුලිය  විසන්ධි කරන ආකාරය සිතාගත හැකි  බවද ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් තමා කණගාටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන  විජේසේකර මහතා පැවසීය



අදහස් (13)

දොළොස්දාහක බිලටත් මන්ත්‍රී ජගත් කුමාරගේ ලයිට් කපලා

Hafeel Tuesday, 07 May 2024 12:35 PM

මන්ත්‍රීලාට කියල අමුතු නීතියක්ද? මෙහම තමයි රටේ සාමාන්‍ය ජනතාවටත් කරන්නේ. අනික මෙච්චර රටේ සාමාන්‍ය ජනතාවගේ විදුලිය විසන්ධි කරද්දී, මෙයාගේ නිවසේ විදුලිය විසන්ධි කලාට විදුලි ඇමැති කණගාටුවනවා. මේක සාධාරණයිද?

:       2       61

සඳරුවන් ප්‍රනාන්දු Tuesday, 07 May 2024 12:42 PM

යකෝ මූ නිදාගෙන ඉඳලා නැගිටලද..?12000 නෙමේ රු 3000ක් ගෙවන්න තිබුණත් කරන්ට් කපනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ..මෙයාලට කරන්ට් බිල් ‌ගෙවන්න දීමනාවක් ලැ‌බෙන්නෙ නැද්ද දන්න‌ෙ නෑ..විදුලිබල ඇමැතිත් කණගාටු වෙලා පව්...යකෝ එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ගේ පොඩි බිල් වලටත් කරන්ට් කපලා යන එකට තොපි එල්ලිලා මැරෙන්න ඔ්නා එහෙනම්

:       0       68

Nimal Tuesday, 07 May 2024 01:09 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට මේකනම් අපල කාලයක්

:       1       30

පිටරටවසියා Tuesday, 07 May 2024 01:13 PM

දොළොස්දාහ ගෙව්වට පස්සෙත් ලයිට් කපල අඳුරේම තියපල්ලා...

:       1       38

Perera Tuesday, 07 May 2024 01:48 PM

මෙයා නේද කාලෙකට ඉස්සෙල්ලා ජනතාවට වේලක් ඇර වේලක් කන්න කිව්වේ

:       0       28

Ponsuge Dilitha Manjula Tissera Tuesday, 07 May 2024 01:49 PM

මෙය නාට්‍යයකි....

:       3       30

Ruwan Tuesday, 07 May 2024 03:07 PM

ඇයි මන්ත්‍රී වුණාම කොහොමද සළකන්න ඕනෙ?මන්ත්‍රී තුමා දන්නෙ නැතුවට ශත ගණනින් හිඟ බිල් වලටත් විසන්ධි කිරීම් කරල තියෙනවා .අනික මිනිස්සුන්ගේ රස්සා නැතුව අනාථ වෙලා ඉද්දි විදුලිය කැපුවේ තමුන්නැහැලා බලයට ගෙනත් උඩ තියන් ගිය රට රකින විරුවා හොඳටම කරපු නිසා.

:       0       0

Ajith Tuesday, 07 May 2024 05:35 PM

මොකද උඹ මන්තරේ කියලා උඹේ ලයිට් කපන්න නැතිව ඉන්න ...

:       0       2

chandima Tuesday, 07 May 2024 06:56 PM

ලොකේ කොහෙත් එය විදියම තමයි.... විදුලි බිල සතියක් වත් නියමිත කාලේට වැඩියෙන් හිඟ තිබ්බොත් ලයිට් කපනවා

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 07 May 2024 08:10 PM

ඉතින් අපිට පාන්ද ?

:       0       0

අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 08 May 2024 04:47 AM

ප්‍රීති පුරොහිත ප්‍රීතී!

:       0       4

swene Wednesday, 08 May 2024 05:03 AM

අපේ බිල ගෙවා නැහැ කියල කෙටි පණිවුඩ ඒවා තිබුනලු. අපි බලපු කෙටි පණිවුඩ එකක් නැහැ. අන්තිමේ අපි කිවුවා දැන් ගෙවන්නම් කියල (මාර්ග ගතව) එත් ඔවුන් විදුලිය කපුවා. අපි ගෙව්වා. උන්ම විදුලිය දුන්න. රුපියල් 800ක් අය කරා නව සම්බන්ධයක් කියල.. මුන් සල්ලි හොයන්නේ ඔන්න ඔහොමයි. ඇමතියෝ බල්ලෝ බළල්ලු මරන්න වගේ මුදල් හොයන්න එපා.

:       1       1

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 08 May 2024 02:48 PM

අපරාදේ මචන් වෙලාව! අරයා හිටියා නම් ඕක ගෙවලා දානවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site