(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වසර හතරකට පසු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ඥානේන්ද්‍ර පාර පදිංචි හෙට්ටිගොඩ ලියනගේ මලිඳු ලක්මාල් නොහොත් "කොටියා "නැමැත්තෙකි
මන්ත්‍රීවරයාගේ ඝාතනයට සෘජුව සම්බන්ධ කොටියා නැමැත්තා අගුලාන සයුරු පුර මහල් නිවාස සංකීර්ණය අසල රැඳී සිටින බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
සැකකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන සිංහාර අමල් සාමින්ද සිල්වා නොහොත් කුඩු අන්ජුගෙ යන අයගේ සමීපතම ඥාතියෙකු බවත් ඔහුගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන්නෙක් බව පොලිසිය සඳහන් කරයි
ඊට අමතරව විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක යෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් පැටියා යන අයගේ සමීපතම ගෝලයකු ලෙස කටයුතු කරන්නෙක් බව ද පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් විසි නව හැවිරිදි සැකකරු දෙහිවල ගල්කිස්ස හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඔත්තු බලමින් ආධාර අනුබල දීම ට අදාල චෝදනා ලැබූවෙක් ද බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ප්‍රකාශ මත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් පැටියා යන අය විසින් සැකකරු වෙත ලබාදී තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බය රත්මලාන ගොනාකෝවිලේ සුසාන භූමියක් තුළ සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
2918 මැයි මස 24 වෙනි දින දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකරු තවත් පුද්ගලයන් කීපදෙනෙකු සමග විදේශ රටකට පලා ගොස් ඉකුත් දෙසැම්බර් මස මෙරටට පැමිණ තිබූ බව පොලිසිය කියයි
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත, උප පොලිස් පරීක්ෂක නිල් ප්‍රියන්ත , පොලිස් කොස්තාපල්වරුන් වන 78065 මේනක , 85557 වීරසිංහ ,87654 ලක්මාල් , 40527 කුමාර ,92438 මදුශාන් ,80965 එදිරිසිංහ මහත්වරු පරීක්ෂණ පවත්වති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දෙහිවල ගල්කිස්ස හිටපු නගරසභා මන්ත්‍රී ඝාතනයට ‘කොටියා‘ අත්අඩංගුවට
dickie bird Wednesday, 25 January 2023 09:59 PM
බිමල් ශ්‍යාමන් ජයසිංහ) එස්.එස්.පී දක්වා උරා බොයි