( සිතුම් චතුරංග)
තලෙයිමන්නාරම උතුර උෟරුමලෙයි ප්‍රදේශයේ දස හැවිරිදි දැරියක අපයෝජනයකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග මත ප්‍රකාශ ලබාගැනීමට මන්නාරම වැඩබලන මහෙස්‌ත්‍රාත් එස්. විනෝදන් මහතා පොලිසියට අවසර ලබා දුන්නේය.
මියගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෙෙද්‍ය නිලධාරී සෙල්වතුරෙයි ප්‍රනාන්දු මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අනාවරණයවී අැත්තේ දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරීමෙන් අනතුරුව ගෙල සිරකර ඝාතනය කොට අැති බවත්ය.
පසුගිය 15 වැනිදා දස හැවිරිදි ගැහැණු දරුවකු අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී ඉකුත් 16 වැනිදා අලුයම දැරියගේ සිරුර නිවසට මීටර 300 දුරින්වූ පොල්වත්තක් අාසන්නයේදී හමුවී තිබිණ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දස හැවිරිදි දැරිය ඝාතන සිද්ධියේ සකකරු රඳවා ප්‍රශ්නකරන්න අවසර