(මොහොමඩ් ආසික්)
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් පහකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14 වනදා ) සවස නිකුත් කරනු ලැබ තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් නාය යෑමේ අවදානම ගැන විමසිලිමත් වන්නැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දිසා තුනකට නාය යෑම් අනතුරු