IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දොස්තර විශ්‍රාම කාලය දික් කරයි

(ඩයනා උදයංගනී)

විශ්‍රාම වයස සම්පූර් ණ කළ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වසරකින් දීර් ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර් ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමෙන් සෞඛ්‍ය සේවයේ මතුවිය හැකි ගැටලු සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර තිබූ ඇමති අනුකමිටුවේ වාර්තාව සළකා බලා අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව ඇමතිවරයා සඳහන් කළේය.

මේ වන විට වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් පමණක් දෙසැම්බර් 31 දින විශ්‍රාම යා යුතු බවත්, වයස අවුරුදු 62 සම්පූර්ණ කර ඇති අය, අවුරුදු 63දීත්, දැනට වයස අවුරුදු 61 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරු 62 දීත්, වයස 60 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරු 61 දී සහ වයස අවුරුදු 59 සම්පූර්ණ වූ අය අවුරුදු 60 සම්පූර්ණ වන විටත් වශයෙන් තව වසරකින් විශ්‍රාම ලැබිය යුතු බව ද ඇමතිවරයා කීවේය.

ඒ අනුව එම සේවා දීර්ඝ කීරීම වසරකින් අවසන් වන අතර, ඉන්පසු රජයේ තීරණය පරිදි වෛද්‍යවරුන් වයස අවුරුදු 60න් විශ්‍රාම ලැබිය යුතු බව ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. 



අදහස් (7)

දොස්තර විශ්‍රාම කාලය දික් කරයි

ravin Tuesday, 18 October 2022 05:53 PM

දේශපාලකයන්ගේ විශ්‍රාම වයස කුමක්ද.?

:       0       1

බද්රානි Tuesday, 18 October 2022 06:24 PM

ලැබෙන වරප්‍රසාද වලට තියන පෙරේතකම නැතිව ඉතින් වෙන මොකක්ද? රජයේ රෝහලකට සම්බන්ධ වෙලා නම තියනකොට, චැනල් කඩේ බිස්නස් එකට වැඩේ පහසු ඇති. අර රසායනික පොහොර ගැන උපදෙස් දුන්නු කෙනාගෙන්මද මේකටත් උපදෙස් ගත්තේ? පුළුවන් නම්, රජයේ රෝහල් වල වැඩකරන විශේෂඥ දොස්තරලගේ රාජකාරි වෙලාව පරීක්ෂාවට ලක් කරලා පෙන්වන්න. අන්න එදාට තමයි මාෆියා කාරයින් සෞඛ්‍ය ඇමතිට සලකන හැටි අපට බලා ගන්න ලැබෙන්නේ. බලාගෙන ගියාම ලංකාවේ රජයට පවා දොස්තරලගේ පදේටනේ නටන්න වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් පිටරටවල වෛද්‍යවරුන්ට නම් ඔය උණ නැහැ. ඔවුනුත් අනෙක් අය වගේම රජයේ සේවකයින්.

:       1       3

රාජිත Tuesday, 18 October 2022 06:35 PM

බෙහෙත් පෙත්තේ විශ්‍රාම කාලයත් දිනය පැන්නහම ඊට උඩින් ලේබලයක් ගහලා දික්ගැස්සුවනේ අපේ කාලේ.. . ඇයි අමතකද..?

:       1       1

අනිඳු Tuesday, 18 October 2022 07:39 PM

ඉතාම කාලෝචිත තීරණයක්. එතකොට තරුණ වෛද්‍යවරු තනිකරම රෝහලේ සේවයට සීමාකර ඔවුනට පෞද්ගලික චැනල් සේවා තහනම් කරන්න. විශ්‍රාමික වෛද්‍යවරුන්ට පූර්ණකාලීන පෞද්ගලික සේවයට ඉඩ හරින්න.

:       1       1

ranjith Tuesday, 18 October 2022 09:42 PM

කාලයකින් හොඳ තීන්දුවක්.

:       0       2

Doka Tuesday, 18 October 2022 10:48 PM

තවත් අවුලකට මුල.

:       1       0

ගමේ එකාලා Wednesday, 19 October 2022 12:12 AM

දොස්තරලා නම් ලෙඩ්ඩුන්ට සේවයක් කරන උදවිය කියලා හිත හදාගන්ඩ පුලුවන් .60 පැන්න වයසක දූෂිත දේශපාලුවන්ගෙන් මොකක්ද ඇති සෙතේ? බලතන්හාව ඉහටත් උඩින් .දේශපාලනෙන් පුලුවන් තරම් හොරාකාලා බඩවඩා ගත්තු දූෂිතයෝ කූඩැල්ලෝ වගේ බලයේ සදහටම ඉන්ඩයි හදන්නේ ?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site