(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, කොළඹ සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානය සඳහන් කරයි.
විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයෑමේ දැඩි අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.
මෙම අවදානමක් සහිත දිස්ත්‍රික්කයන්හි කඳු, බෑවුම් ආශ්‍රිතව සහ නායයෑමේ හැකියාවන් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයන්හි පදිංචි වී සිටින්නන් අවදානයෙන් සිටිය යුතු බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අවදානමක්