IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දිස්ත්‍රික්ක තුනකට කටාරයෙන් පොහොර තෑග්ගක්

(අංජුල මහික වීරරත්න)

දිස්ත්‍රික තුනක එළවළු සහ වෙනත් බෝග වගා කරන ගොවීන්ට රුපියල් විසි දහසක් වටිනා පොහොර නොමිලේ ලබාදෙන බව කටාර් පුණ්‍යායතනය(Qatar Charity) කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

කුරුණෑගල, මොණරාගල හා මාතලේ දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකකට වඩා අඩු බිම් ප්‍රමාණයක එළවළු හා සෙසු වගා  කරන ගොවීන්ට මෙම ආධාරය හිමිවෙයි.

මෙම දිස්ත්‍රික්ක වල අඩු ආදායම් ලබන ගොවීන් 3000ක්  තෝරා ගෙන  රුපියල් 20000ක් බැගින් පොහොර ලබාදෙන බව කටාර් පුණ්‍යායතනය කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධ සාකච්ඡාවක් Qatar Charity ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු Tharick Mansoor මහතාගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති අතර එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූයේ වගා කන්න කිහිපයක දී වී වගා කරන ගොවීන්ට අවශ්‍ය මුල්‍ය හා ද්‍රව්‍යමය සහන ලබා දුන්නද එළවළු හා අනෙකුත් බෝග වගා කරන ගොවීන් සදහා සැලකිය යුතු මට්ටමේ සහන දීමට නොහැකි වූ බැවින් ඔවුන්ට මේ ආධාරය ලබා දෙන බවයි.



අදහස් (1)

දිස්ත්‍රික්ක තුනකට කටාරයෙන් පොහොර තෑග්ගක්

Lankika Thursday, 12 October 2023 05:11 PM

හලාල් ද දන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site