(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සීනි බදු වංචාව ඇතුළු දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිම පියවරක් ගෙන නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රශ්නයක් මතු කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.
ආණ්ඩුව සීනි බද්ද රුපියල් පනහ සති විසිපහ දක්වා අඩු කළා. සීනි අල්ලස් ක්‍රියාදාමය හරහා රජයට කෝටි 1600ක් නැති වුණා. එම විගණන වාර්තාව කෝපා කමිටුවට ඉදිරිපත් වුණා. එම වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර මාස දාසයකට වැඩි කාලයක් ගතවෙලා ඉවරයි.
සැහැල්ලු දුම්රිය තර්ක තර්කානුකූල පදනමකින් තොරව නතර කිරීම නිසා රජයට රුපියල් මිලියන දස දහසක පාඩුවක් සිදුව ඇති බව විශේෂ විගණන වාර්තාවේ සඳහන් වෙනවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වසරකට අධික කාලයක් ගතවෙනවා. පාර්ලිමේන්තු කමිටු හමුවේ මේක සලකා බැලුණේ නැහැ.
එසේ නොකළේ ඇයි. මේ මෝඩ තීන්දුව ගත්තේ කවුද. මේ තීන්දුව නිසා ජපන් රට අදටත් අපි සමග ඉන්නේ හොඳින් නොවෙයි.
අසූචි පොහොර ගනුදෙනුවට කවුද සම්බන්ධ. ඒ සඳහා වූ පාඩුව පියවා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද. නැනෝ නයිට්‍රජන් පොහොර බෝතලයක් අඩුව ලබාගන්න පුළුවන්කම තියෙද්දී ඇමරිකානු ඩොලර් 12 කට මිලදී ගත්තේ ඇයි. මේ නිසා රජයට සිදුවූ පාඩුව කොපමණද යන්න ගණනය කර තිබේද. මෙම විගණන වාර්තාව කෝප් හා කෝපා කමිටු හමුවේ සලකා බලන්නේ කවදාද. මේ සඳහා වගකිවයුතු පාර්ශ්ව කවරේද.
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දූෂණ වංචා රැසකට ආණ්ඩුව නිහඬයි
මහසෙන් Wednesday, 24 January 2024 05:48 PM
ඔයා බබානේ...
අරවින්ද මොනරවිල Wednesday, 24 January 2024 06:33 PM
ඇත්තටම ආණ්ඩුව නිහඬවෙලා ඉන්න තරමට ඔයාලාට හොඳයි, නැත්නම් ආණ්ඩුව දූෂණ, වංචා ගැන හොයන්න ගියොත් ඔයාගේ සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළ ඒවා අධිවේගී මාර්ගයේ ගැහිලි හැරිසන්ගේ කිරිහරක් ගැහිලි විතරක් නොවෙයි බැඳුම්කර ගැහිල්ල ගැනත් ආණ්ඩුව හොයන්න ගත්තොත් විපක්ෂයේ භාගයක් හිරේයයි...!