IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දූෂණ පනත ඡන්දය කල්යයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දූෂණ විරෝධී පනත් කෙටුම්පත   විවාදය  පාර්ලිමේන්තුවේදී අද (21) පැවැත්වුණත් ඒ පිළිබඳ ඡන්ද විමසීම මීළඟ සභාවාරය දක්වා කල් ගියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ  මෙම පනත් කෙටුම්පත  සම්බන්ධ විවාදය මීළඟ සභා වාරයේදී තවත් දින දෙකක් පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කාලය  අවශ්‍ය බවට නීති ගරුක සහ විනය ගරුක සමාජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාව කර ඇති ඉල්ලීමද  සැලකිල්ලට ගෙන විවාදය  සඳහා තවත් දින දෙකක් ලබාදීමට  තීරණය කරන බවද  ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් සදහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම පනත සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි.

පනත සම්මත කිරීමට පෙර ඒ ගැන තවදුරටත්  සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන ලෙසද  ඔහු ඉල්ලා සිටියේය.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතද දූෂණ විරෝධී පනත් කෙටුම්පත සමග මීළඟ පාර්ලිමේන්තු සතියේදී සම්මත කිරීම සුදුසු බවට යෝජනා කරනවා.

මොකද ඒ පනතේ අනෙක් පනත සම්බන්ධ  සඳහන් කිරීම් තිබෙන නිසා.



අදහස් (0)

දූෂණ පනත ඡන්දය කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site