IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශීය ටින් මාළුවලට එස්.එල්.එස්. සහතිකය ඕනෑ

(යොහාන් භාසුර)
දේශීයව නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය හෙවත් එස්.එල්.එස්. සහතිකය අනිවාර්ය බවත් දේශීය ටින් මාළු නිෂ්පාදනය කිරිමට  අවසර ඇත්තේ සමාගම් 14 කට අයත් වෙළදනාම 37 කට පමණක් බවත්   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් එස්.එල්.එස්. සහතිකය ලැබූ සමාගම්වලට පමණක් ටින් මාළු නිෂ්පාදනය කළ හැකි බවත් එම සියලුම ආයතන ප්‍රමිති සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය කියන්නීය.

එස්.එල්.එස්. සහතිකය ප්‍රදර්ශනය නොකර වින් මාළු අළෙවි කරන සමාගම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කළ හැකි බව කියන සිද්ධිකා සේනාරත්න මහත්මිය එස්.එල්.එස්. සහතිකය සහිත ආයතන ටින් මාළු නිෂ්පාදනයේදී එය නියමිත ප්‍රමිත පරාමිතීන්ට අනුකූලව කිරීම අනිවාර්ය බව ද සඳහන් කරන්නීය. 

දේශීය වෙළදපොලේ පවතින ආනයනික ටින් මාළුවල ද  නිෂ්පාදිත රට සදහන් කළ යුතු බවත් එම ටින් මාළු ගුණාත්මක භාවය පිළිබද කරන විද්‍යාගාර පරීක්ෂණයකින් පසු රේගු නිෂ්කාෂණ ක්‍රියාවලියකට ලක්කිරීමට අනුමැතිය ලැබෙන බවත් ඇය වැඩි දුරටත් පවසන්නීය.

 



අදහස් (3)

දේශීය ටින් මාළුවලට එස්.එල්.එස්. සහතිකය ඕනෑ

විජිත් Monday, 06 March 2023 12:20 AM

" බයවෙන්න එපා, ප්‍රශ්නයක් නැහැ . විෂ.. චුට්ට චුට්ට කෑවට මුකුත් වෙන්නේ නැහැ " කියලා කියපු බඩ්ඩ නේද මේ කියවන්නේ ?මම හිතුවෙනම් දැනටමත් ප්‍රමිති ආයතනයෙන් එළවලා, දැන් සමුර්දි පෝලිමේ ඉන්නවා කියලා. ඉතින් කොහොමද රටක් ඉදිරියට යන්නේ?

:       0       1

chandima Monday, 06 March 2023 05:09 AM

අන්න හරි නෝනේ... කොහොම හරි කරලා ලංකාවේ මාලු ටින් කරන එක බකල් කරලා දාන්න. පිටරටකින් සම්මානයකුත් ලැබෙයි.

:       0       0

Lalla Monday, 06 March 2023 04:50 PM

ඕව දේශීය මාලු නොවේ. ආනයනය කල ලින්නො කුනු වෙන්න කිට්ටුව තමා ටින් කරන්නේ. ජරාවට එස් එල් එස් දෙනවද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site