IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද යන තේමාව යටතේ සාමකාමී විරෝධතාවක් සිවිල් සංවිධාන එකමුතුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද (14) පවත්වනු ලැබිණ.

සාමාන්‍ය ජනතාව තලා පෙලා බදු අයකර ගන්නා ආණ්ඩුව සහ එහි ආයතන රුපියල් බිලියන ගණනින් බදු වංචා කළ කූට ව්‍යාපාරිකයන් ඉදිරියේ මුනිවත රැකීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කළ බව සිවිල් සංවිධාන එකමුතුව ප්‍රකාශ කළේය.

(ඡයාරුපය: ශාන්ත රත්නායක)



අදහස් (4)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

Bamunuarachchi Tuesday, 14 November 2023 04:09 PM

කුට ව්‍යාපාරිකයින්ගේ Tax returns හදන්නේ අදායම් බදු නිලධාරීන්. ඔවුන් ගාන අරගෙන සතයක් වත් බදු වශයෙන් රජයට නොලැබෙන විදිහට tax returns හදා දෙනවා. ඒකට දේශපාලකයින්ගේ සහයෝගය නොඅඩුව ලැබෙනවා. මොකද ඔවුන්ගේ tax returns හදන්නෙත් ඒ නිලධාරීන්ම තමයි. ඒ නිසා ඔය උද්ගෝෂණ සාර්ථක වෙන්නේ නැහැ...

:       0       1

අහිංසක Tuesday, 14 November 2023 06:51 PM

මේ දෙපාර්තමේන්තුවේ උන්ට කල්පනා ශක්තියක් නැහැ කියලා හිතෙනවා මොකද ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට සියයට 15 පොලියෙන් සියයට පහක් කපාගෙන ඉවරවෙලා ඒක ආපසු ගන්න ෆෝරම් පුරවාගෙන එම දෙපාර්තමේන්තුවට කාර්තුවකට වරක් බැගින් තෙවරක් යන්න කියලා තියෙනවා විරෝධතාවට ජයවේවා

:       0       1

Bamunuarachchi Wednesday, 15 November 2023 03:49 PM

දැන් ජේෂ්ඨ පුරවැසියන්ට 15% පොලිය ලැබෙනවද?

:       0       0

Himi AhimiThursday, 16 November 2023 09:43 AM

නැහැ ඔහේගෙ ලොක්කා දෙනවා කියපු 12 % ටත් අඩුවෙන් තමයි දෙන්නෙ ආණ්ඩුව කියනවා කපාගත්තු ඒවා දෙනවා කියලා ආදායම් ලොක්කා චක්‍රලේඛය නිකුත්කලේ පෝම් එකක් හදාගෙන කාර්තුවකට වරක් දෙපාර්තමේන්තුවට ඇවිත් හිගන්නො වගේ ඉල්ලන්න කියලා තමයි කොයි රජයක් ආවත් ජ්‍යේෂ්ඨ පුරවැසියන් සදහා සලකනවා කිව්වත් කරන වැඩ දැක්කම රජ්ජුරුවන්ට සුදු හකුරු හැදුව මිනිහා මතක් වෙනවා බමුණුතුමෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site