(යොහාන් භාසුර)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ 2 පිහිටි ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් අද (20) පෙරවරුවේ විදුලිය විසන්ධිකිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි විය.
මෙම ගොඩනැගිල්ලේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 150 ක් පමණ සේවය කරන බවත් එම සියලුම නිලධාරීහු අද දිනයේ ගොඩනැගිල්ලෙන් පිටතම රැදී සිටියහ.
මාස දෙකක පමණ කාලය තුළ මෙම ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම නිසා විදුලි විසන්ධි කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර මෙහිදී රුපියල් ලක්ෂ 9 ක විදුලි බිලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වේ.
විදුලිය විසන්ධි කිරීමත් සමඟ විදුලි ආලෝකය, පරිගණක පද්ධතිය, ජල සැපයුම සහ විදුලි පංකා ඇතුළු සියලු සැපයුම් විසන්ධි වීමෙන් එහි සියලුම දෙනා දැඩි අපහසුතාවට පත්වූ බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
මීට මාස දෙකකට පමණ පෙර ද රුපියල් ලක්‍ෂ තුනහමාරක පමණ විදුලි බිලක් ගෙවීම පැහැර හැරීම නිසා විදුලි විසන්ධි කිරීමෙන් පසුව රුපියල් 60,000 ක ඉන්ධන වැය කරමින් විදුලි ජනන යන්ත්‍රයකින් විදුලි ලබාගත් බව ද එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසයි.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය ආදායම් ගොඩනැගිල්ලේ ලයිට් කපලා: නිලධාරීහු එළියේ
සිරිබිරිස් Tuesday, 20 September 2022 08:02 PM
කොහොමත් මේකෙ ඉන්න පිරිස වැඩ කරන්නෙ අදුරේම සිටගෙන බව රටම දන්නවා නැත්නම් බදු හොරු හසු නොවන්නෙ කොහොමද?
Gag Wednesday, 21 September 2022 02:07 PM
එලියේම ඉන්න...