
(කේ බුද්ධික කුමාරසිරි)
බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා අද (29) දින නියෝග කළේය
මෙලෙස ඇප නියම වූයේ තලවතුගොඩ ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගිනි තොට පොල් වත්තගේ සුරංග සංජීව වීරසූරිය නමැති කෝටිපති ව්‍යාපාරිකයෙකි
සැකකාර ව්‍යාපාරිකයා විසින් තම මෝටර් රථ යොදාගෙන දේශබන්දු තෙන්නකෝන් මහතාට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු දෙවරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර ඉන් අනතුරුව සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වීම නිසාවෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ සිටියදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත වැඩ බලන මහෙස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා සැකකරු ප්‍රතිකාර ලබමින් සිටි තලවතු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කර බැලීමෙන් පසු එම නියෝගය ලබාදීමට කටයුතු කර තිබුණි
මේ සම්බන්ධයෙන් හෝ වැඩිදුර නඩු විභාගය අප්‍රේල් මස තුන්වෙනි දින යළි කැඳවීමට නියමිත වේ
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දුට රැකවරණය දුන් ව්‍යාපාරිකයාට ඇප
ranjith Saturday, 29 March 2025 05:01 PM
දේශපාලුවන්ටයි, කෝටිපතියන්ටයි වරදක් කළාම රෝහලේ පිහිට පතනවා.
Suneth Saturday, 29 March 2025 07:56 PM
රජයේ දේපල වැය කරගෙන පොලිසියෙන් පොලිස්පතිව හොයනකොට හංගගෙන හිටපු මේ ව්‍යාපාරිකයා කෝටිපතියෙක් උනෙත් මේ වගේ වැඩ කරලද කියල හොයල බැලුවොත් බොහෝ දේ අනාවරණය වෙයි.
Sg Saturday, 29 March 2025 08:59 PM
මේවා හිනා යන වැඩ.