IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ දෙයක් නොවෙයි

 

(යොහාන් භාසුර)

රටේ දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නොවන නිසා හැකි ඉක්මණින් දේශපාලන ස්ථාවරභාවය සඳහා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උපරිම සහයෝගය දෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (29) පැවසීය.

ජාත්‍යන්තරය සහ රටේ ජනතාව පිළිගන්නා දේශපාලන ස්ථාවරයෙන් යුත් රජයක් පිහිටුවීම පාදක කරගෙන පමණක් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් අමාත්‍ය ධූර සංඛ්‍යාවක් හෝ වෙනත් දේ ගැන කථා නොකළ බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා සාර්ව පාක්‍ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට ගෙනයමින් සිටින බව කී කාරියවසම් මහතා අරගලයට මුල් වූ ප්‍රශ්නවලට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ වන විට පොදුජන පෙරමුණ සමඟ නොමැති බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ කාර්යාලයේදී අද (29) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. 



අදහස් (4)

දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ දෙයක් නොවෙයි

'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...! Monday, 29 August 2022 06:32 PM

පාර්ලිමේන්තුවට ඇතුල්වුණාම ඔය ඔක්කොමලාම සුදු ලෝගු කරුවෝය.. නමට ඉදිරියෙන් "නීතිඥ - දොස්තර" පට්ටම් දාලා පුරාජේරුවට පෙන්නුවාට සුද්දා බාරදුන්නු රට කතාවෙන්ම කරලා පෙන්නලා අද වෙලා තියෙන දෙය රට බාරදුන් සුද්දාම දකී..! 'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...!

:       0       11

සමන්ත Monday, 29 August 2022 09:08 PM

​ මේ කව්ද​? කොහේ හිටිය මිනිහෙක්ද මේ ඇව්ත් දේශ්පාලන ස්ථාවරභාවයක් ගැන කතා කරන්නේ? මම හිතන්නේ මේ කපුටු කාක් කාක් නාදයමයි.

:       0       0

Rocky Tuesday, 30 August 2022 05:49 AM

මේ රටෙන් නිදහස් වීමට ලැබීම වෙනුවෙන් ඉංග්‍රීසිකාරයා පෙබරවාරි 04 වැනිදා නිදහස් උත්සවයක් පවත්වනු ඇත...!

:       0       0

Perera Tuesday, 30 August 2022 10:31 AM

මෙයා වගෙ උදේට එකක් කියන හවසට තව එකක් කියන දේපිටකාට්ටුවො ඉන්නකම් රටෙ දේශපාලන ස්තාවරයක් ඇතිවෙන්නෙ කොහොමද? ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 421 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site