(විමුක්ති එස් රුද්‍රිගු)
එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ශ්‍රී ලංකාවේ මාසයක් ජීවත් වීම සඳහා ඉකුත් ජූනි මසදී අවම රුපියල් 12444 ක මුදලක් ප්‍රමාණවත් වූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙයි.
දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ ඉකුත් ජූනි මස මූලික අවශ්‍යතා සපුරා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මාසයක් ජීවත් වීම සඳහා අවම රුපියල් 13421 ක මුදලක් අවශ්‍ය වූ බවත් එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයක මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත්වීම සඳහා අවශ්‍ය වැඩිම මුදල බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් ජූනි මස මොණරාගල දිස්ත්‍රික්කයේ මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත් වීම සඳහා රුපියල් 11899 ක මුදලක් අවශ්‍ය වූ බවත් එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයක මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත් වීමට අවශ්‍ය වූ අඩුම මුදල බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දිවි සැරිය ගැට ගසන්න මසකට 12,444 ඇතිලු
ravin Wednesday, 17 August 2022 04:29 PM
මේ කියන ගණන් මිමි කාලද? නැතිනම් ලෙවකාලද?
ලුම්බිණි Wednesday, 17 August 2022 04:41 PM
නොමැරී ජීවත් වෙන්නද?
ගමේ එකාලා Wednesday, 17 August 2022 04:47 PM
ආර්ථික ඔස්තාර් කෙනෙක් කිව්වේ මසකට පවුලකට රුපියල් 2500ක් ඇතියි කියලා. පහුගිය කාලේ දිවිසැරිය ගැට ගහගන්න වින්ද දුක කියන්න වචන මදි...
අනුර Wednesday, 17 August 2022 04:51 PM
බන්දුල ගුණවර්ධන වෙන්න ඇති මේ ලැයිස්තුව හදන්න ඇත්තේ...!
sena Wednesday, 17 August 2022 04:54 PM
ශුවර් එකටම බන්දුල මහත්තයාගේ ගෝලයෙක් ඕක හාලා තියෙන්නේ... එහෙම වුණත් පස් දෙනෙක් ඉන්න පවුලකට 62200ක් ඕනේ... සාමාන්‍ය රජයේ සේවකයෙකුට අතට ලැබෙන්නේ 30000 ක් - 40000 ක් වගේ ගාණක්... ඉතුරු 20000 කොහෙන්ද හොයාගන්නේ?
RoshanWednesday, 17 August 2022 06:17 PM
ඇයි රජයේ සේවකයෝ හොරා කන ඒවා පගා ගහන ඒවා එකතු කරාම 20,000ට 200,000/=ක් ලැබෙනවා.
කිරිපුතා Wednesday, 17 August 2022 05:16 PM
ගම්වල ජනතාවට කඩෙන් ගන්න ඕනෑ ලුණු විතරයි. අනෙක් සේරම තමන් හදාගන්නවනේ... දර ලිපේ උයන්නේ... නගරබද ජනතාව තමයි හැමකෙනාම සල්ලි වලට ගන්නේ...! තමන්ගේ ගෙවත්තේ හැකි පමණින් වගා කරගත්තු නාගරික ජනයා දිනුම්...!
wimal Wednesday, 17 August 2022 05:22 PM
ඕක හදපු අය නිවන් දකින්න ඕනෑ. ඕනෑනම් මේ රටේ මිනිස්සුන්ගේ වාසනාවට තමයි උත්පත්තිය ලබලා තියෙන්නේ මේ ආසිරි ලන්තයේ...!
මහසෙන් Wednesday, 17 August 2022 07:44 PM
මේ වාර්තාව හදපු එවුන් ලංකාවේ ජීවත් වෙන මනුෂ්‍ය කොට්ඨාශයක් නම් වෙන්න බෑ.
Rohana Wednesday, 17 August 2022 10:15 PM
මේ කියන්නේ ලංකාවෙ 1950 අවුරුද්දෙ ජීවත්වෙන අයගැන වෙන්න ඇති.
WT Thursday, 18 August 2022 12:24 AM
එහෙනම් ඒ ගාන මැති ඇමැතිවරුන්ගේ පඩිය විදියට ගෙව්වා නම් ඇති...
ප්‍රේමරත්න Thursday, 18 August 2022 05:10 AM
සංඛ්‍යා ලේඛන නිලධාරින් මෙම වාර්තාව සත්‍ය ලෙසට හදන්නේ ජනවාරි මාසයේ පමණයි. කච්චේරි තිබුණු කාලයේ මමත් කච්චේරියේ වැඩකළා.. සංඛ්‍යා ලේඛන පිරිසට අදාල ගෙවීම් කලේ අපේ අංශයෙන්... ඉතින් අපි විස්තර අහනවා. ඔවුන් ඒ කාලයේ කලේ සෑම මාසෙකම ක්ෂේත්‍රයේ නොගොස් පෙර මාසයේ සංඛ්‍යාවට සුලුම වෙනසක් කර අදාල මාසයේ වාර්තාව සැකසීමයි. දැනුත් එහෙම හදපු බව හොඳින්ම පේනවා. කොහොම හැදුවත් ධන රින කියපු ගණනට ගතවූ කාලයට සාපේක්ෂව හදලා කියන්න පුළුවන්...
Sunil Thursday, 18 August 2022 07:57 AM
බන්දුල මහත්තයාගේ උපදෙස් මත සෑදු වාර්තාවක් ලෙසයි පේන්නේ. මේ සංඛ්‍යා හැදුණේ කෙසේද කියා දක්වන්න. එවිට මෙහි ඇත්ත නැත්ත ජනතාවට අවබෝධ කරගත හැකියි.
sharm warn Thursday, 18 August 2022 09:27 AM
ඇත්තටම මේ ගණන හදපු කෙනාට පිස්සුද? නැතිනම් එයාගෙ හැටිද? හදපු අය කන්නේ අන්ධ කයිප්පුද? මේ ගාණට ගන්න බදු සහ දවසකට වියදම් කරන්න කියලා කියන බදු මිල ගණන් ටිකත් දෙන්න කියන්නකෝ. මුල්ලේරියාවේ රෝහලෙන් එයට කාමරයක්ම වෙන් කරවලා දෙන්න..